වැලිකඩ බන්ධනාගාරය තුළට හොරොයින් යැවීම සඳහා යොදා ගනු ලැබූ පසුව අතුරුදන්ව සිටි බළලා සොයාගෙන තිබෙනවා.



මීට දින කිහිපයකට පෙර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙම බළලා සිය භාරයට ගෙන තිබුණා. ඒ හෙරොයින් ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක්, සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් බළලාගේ ගෙළ ප්‍රදේශයේ ගැට ගසා තිබියදීයි. පසුව මෙම බළලා පොලීසියට භාර දීම තෙක් බන්ධනාගාරයේ කාමරයක රදවා සිටියා. පෙරේදා දිනයේ සිට බළලා අතුරුදන්ව ඇති බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් මේ වන විට තහවුරු කරන්නේ එම පරිශ්‍රය ආසන්නයේ ගැවසෙමින් සිටියදී බළලා සොයා ගත් බවයි.