ම්පොළ නාරංවිට ප්‍රදේශයේ නිවසක් තුළ ඇනුම් හා කැපුම් තුවාල 27ක් සමඟ අබිරහස් ලෙස ජීවිතක්‍ෂයට පත්ව සිටි කාන්තාවගේ ඝාතනයේ සැකකරු පෙරේදා (15) කෑගල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ගම්පොළ පොලීසිය පවසයි. 33 හැවිරිදි වියේ පසුවන නාවික හමුදාවෙන් පැන ආ සැකකරු කෑගල්ල, නෙළුම්දෙණිය නාපේ පදිංචිකරුවෙකි.
මෙසේ ඝාතනයට ලක්වූයේ, එක්දරු මවක වන කස්තුරි ආරච්චිගේ තමරා කුමාරි (අවු 51) නැමන්තියකි.

ඇගේ සැමියා විදේශගතව සිටින අතර, එකම දරුවා වෙනම ප‍්‍රදේශයක ජීවත්වන බවත් ඝාතනයට ලක්වූ කාත්තාව නිවසේ තනියම සිටියදී ජූලිමස 07 වන දින රාත්‍රී ඝාතනයට ලක්ව තිබූ අතර 08 දින සවස 5.00ට පමණ මළසිරුර සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි.

ඇගේ සිරුර සමඟ ආගන්තුක ටී - ෂර්ටයක් තිබී ඇති අතර, ඇගේ දුරකථනය අස්ථානගතවී තිබෙන බවද හෙලි විය.
 ටීෂර්ටයේ සඳහන් සටහන් ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී කෑගල්ල නෙළුම්දෙණිය, නාපේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන තිබේ. පසුව පොලිස් බුද්ධි අංශ සිදුකළ පරික්ෂණවලදී සැකකටයුතු පුද්ගලයා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු බවත් ඔහු මේ වනවිට නාවික හමුදාවෙන් පලාගොස් වෙනත් ප්‍රදේශයක හොර රහසේ රැකියාවක නිරත බවත් සොයාගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මුහුණු පොත මඟින් මෙම කාන්තාව හඳුනාගත් බවත් ආරාධනයට අනුව ගම්පොළ නාරංවිට ඇයගේ නිවසට පසුගිය 07 වැනිදා රාත්‍රියේ ගිය බවත්, එදින රාත්‍රී ඇගේ නිවසේ සිටින විට ඇය මුදල් ඉල්ලා සිදුකළ ආරවුලක්ද මුදල් නොදුන්නොත් කෑ ගසනවා යැයි පැවසූ නිසා ඇයට පහරදී ඝාතනය කර ඇති බවත් පවසා තිබේ. එහිදී ඇය බිම වැටුණු පසු තමා රාත්‍රියේ යාමට ස්ථානයක් නොමැති නිසා එම නිවසේ රාත්‍රී ගතකොට පසුදා අලුයම නිවසේ සිට ගම්පොලට පාගමනින් විත් පසුව බසයකින් කඩවතට ආ බවද සදහන් කර ඇත.

මෙම සැකකරු එදින නිවසේ ගතකොට පසුදා ඇඳගෙන යාමට ආ ටීෂර්ටය අයත් බෝඩ් එක මත තබා තිබූ බවත් පසුදා අලුයම එය ඇඳ ගැනීමට සූදානම් වීමේදී බිමට වැටී ලේ තැවරුනු නිසා එම ටීෂර්ට්ය එසේ තිබියදී තමා පැමිණි බවද හෙළිකර ඇත.

සැකකරු කඩවත ප්‍රදේශයේ ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු ලෙස වැඩකර තිබූ අතර නවාතැන්පලක සිට සේවයට ගොස් ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරු විසින් මියගිය කාන්තාවගේ ජංගම දුරකථනය රැගෙන ගොස් කඩවත ප්‍රදේශයේ වෙළද සලකට විකුණා තිබියදී සොයාගෙන තිබූ අතර කාන්තාවට පහරදීමට යොදාගත් තියුණු අවියද ඇගේ නිවස් අසල ඇළක තිබී සොයාගෙන තිබේ.

සකකරු ඊයේ (16දා) මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගම්පොළ දිසා අධිකරණය වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් වික්‍රමරත්න, අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල බංඩාර, පොලිස් පරික්ෂක චන්ද්‍රවංශ, උපපොලිස් පරික්ෂකවරුන් වන අසංක සෙනවිරත්, දසනායක මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂන පවත්වති.

- සුරංග දිල්හාන් -