නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය ගැන 1913ට දැනුම් දෙන්න - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

පසුගිය ජුලි මාසය තුළදී සිදු කළ වැටලීම් දෙදහස් අටසිය හතළිස් හතරක ප්‍රමාණය තුළින් පුද්ගලයන් දෙදහස් අටසිය තිස්අටක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙසිය අසූඅටක් කාන්තාවන් බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන විස්සකට ආසන්න බවත්, මෙම පිරිස් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියන පහළොවකට අධික දඩ මුදලක් රජයට අය කර දී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(ඉන්දික හේවාවිතාරණ)