සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට පසුගිය දිනවල ප්‍රචාරය වූයේ ඔහුගේ පෙම්වතිය බව කියන තැනැත්තියක ඔහුට වසදී ඇතිය යන කාරණාවද සමගිනි. ඇය අංගොඩ ලොක්කා රවටා බීම වර්ගයකට වස කලවම් කර
පානය කරන්නට සැලැසූ බව ඇය විසින්ම අංගොඩ ලොක්කාගේ සොයුරියක වෙත වීඩියෝ සාක්සි සහිතව දන්වා එවා තිබූ අතර එම ආරංචිය සිරගෙදර පාතාල කල්ලි අතරටද සන්නිවේදනය වී එය සත්‍යයක් ලෙස පිළිගෙන තිබුණි.
මේ අතරවාරයේ ශ්‍රී ලංකා පොලිසිය ඒ ගැන තවම තහවුරු වී නැති බවට ප්‍රකාශ කර තිබූ අතර ඒ ගැන තවමත් සොයමින් පවතින බව පමණක් දන්වා තිබුණි. මේ අතර ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු මාධ්‍ය ගණනාවක් අංගොඩ ලොක්කා මියගිය ආරංචිය තහවුරු කරමින් වාර්තා පළකර ඇත.
අංගොඩ ලොක්කා මියගිය බවට මින් පෙරද වාර්තා පැමිණි ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ පොලිසිය උපුටමින් එරට මාධ්‍ය මෙය තහවුරු කර තිබේ.


අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී හිදිමින් සිට ඇති බව එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී පොලිසියට හසුවීමෙන් පසු ලංකාවට පිටුවහල් කිරීමට සූදානමක් පැවති අතර ඒ අතරවාරයේ කොරෝනා සමයෙහිදී උසාවියේදී ඇපමත නිදහස්ව සිටියේය.
 එමස අස්වැසිල්ල පුයෝජනයට ගෙන ඔහු ව්‍යාජ නමක් හදාගෙන එරට වෙනත් පුදේශයකට පළාගොස් සැගව සිටියේය.
අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සාදා දීමේ සිද්ධියට ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අංගොඩ ලොක්කා නම් මෙම සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේ ජිවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බව කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඉකුත් ජුලි මස 03 වෙනිදා අංගොඩ ලොක්කා නමැති අපරාධකරු කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇතිවී ඔහු නිවසේදී එක් වරම සිහිමුර්ජාවී ඇද වැටුණු බව පවසමින්ය. මෙහිදී එක් කාන්තාවක් රෝහල් බලධාරින්ට සඳහන් කර ඇත්තේ ඔහු තමාගේ ඥාතියෙකු බවයි.

රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා ගේ දේහය ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කොට රෝහලෙන් නිදහස් කර ගෙන ඇති මෙම පිරිස පසුව මදුරෙයි හිදී ඔහුගේ දේහය ආදාහනය කොට ඇති බව කොයිම්බතුර් පොලිසිය දන්වා ඇත.

අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තමිල්නාඩු පොලිසියෙන් සිදුකළ දැනුම් දීමක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.


මියගිය අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන ඇති අතර එම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවත් මෙය සත්‍ය ලෙසම හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගත හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුව බව කොයිම්බතුර් පොලිසිය සඳහන් කර ඇත.

අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු කොයිම්බතුර් හි පිහිටි චේරන් මාන්ගර් හි කුලී නිවසක ජිවත්ව ඇති බවට හෙළිව ඇත.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බවත් ඉකුත් මාර්තු මාසයේදී ඔහුගේ පෙම්වතිය බව කියන ලාංකික දෙමළ තරුණියද එරටට ගෙන්වාගෙන ඇය සමග ජිවත්ව සිට ඇති බවයි සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත.

පෙර වාර්තාව
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරුට