මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2823 ක් දක්වා ඉහළ ගොස් තිබේ

ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනුණි.



ඉන් 7 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වේ.

අනෙක් ආසාදිතයා ලංකාපුර ආසාදිතයාගේ ආශ්‍රිතයෙකි.

තවත් රෝගීන් 297 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

මේ අතර කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 2514 දක්වා ඉහළ ගියේ ය.