නුරාධපුරය රාජාංගනය ප්‍රදේශයේ යාය 05 ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ක් වයසැති සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ලක්ෂණ මීට දින 2 කට පෙර හඳුනාගෙන ඇත.
 මතුවූ සැකය මත පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව
රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි.
අහඹුව සිදුකළ මෙම සිසුවාගේ පළමු PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නමුත් දෙවැනි පරීක්ෂණයේදී ඔහුගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා යළි එම ජෛව සාම්පල් යළි පරික්ෂා කිරීමකට යොමු කර තිබූ අතර තෙවැනි පරීක්ෂණයේදී නැවත ධනාත්මක වී ඇත.
මෙම සිසුවා පසුගිය 10 වෙනිදා පාසැල් ගොස් ඇති බව පැවසූ වෛද්‍යවරයා මිට පෙර රාජාංගනය ප්‍රදේශයේ හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිත රෝගියෙකුගේ නිවස ඉදිරිපිට නිවසක මෙම සිසුවා වාසය කරන බවද දන්වා සිටියේය.
 ඔහු ජිවත්වන නිවස අවට පිහිටි නිවාස කිහිපයක ජිවත්වන පුද්ගලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් දැනට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
මිට අමතර මෙම සිසුවාගේ පාසැලේ ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන සිටින ළමුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 06 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රාජාංගනය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටියේය.
දැනට රාජාංගණය ප්‍රදේශයේ ආසාදිතයින් 19 දෙනෙකු වාර්තාවේ. දැනටමත් ප්‍රදේශය හුදෙකලා කර ඇති අතර ගමනාගමනයද අත්හිටුවා ඇත. කෙසේ නමුත් පසුගිය සති දෙකක කාලයේ නව ආසාදිතයෙකු ලෙස හමුව ඇත්තේ මෙම සිසුවා පමණි.