බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරමaකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ  මුදල් පරිහරණය කළ බව කියන කාන්තාවක බොරැල්ල සින්නදූපතේ නිවසක දී ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකාරිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව බොරැල්ල පොලිස්
කණ්ඩායමක් විසින් ඇගේ නිවසේ දී සැකකරිය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. ගත වූ මාස 6ක කාලය තුළ මෙම සැකකාරියගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ  61 ක මුදල් බැර වී ඇති බවත් ඇය ඒවා  වරින්වර වෙනත් ගිණුම් වලට බැරකර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

සැකකාරිය මීට දින කිහිපයකට පෙර කිසියම් ගිණුමකට රුපියල් ලක්ෂ 10කට  ආසන්න මුදලක් බැරකර ඇති බවද පොලිසිය කියයි. බන්ධනාගාර ගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දුරකතනයෙන් ලබාදෙන ගිණුම් අංකවලට සැකකාරිය සිය ගිණුමෙන් මුදල් ගෙන බැරකරන බවත්, ඒ සඳහා එක් බැර කිරිමකට රුපියල් 15,000 බැගින් කොමිස් මුදලක් අයකරන බවත් පොලිසිය කියයි. සැකකාරිය කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවත් ඇය සුබෝපභෝගී  ජීවිතයක් ගතකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුචට ගත් සැකකාරිය වයස අවුරුදු 39ක කාන්තාවක බවද පොලිසිය කියයි.  බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද බාලසූරිය  මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.
-ඉන්දිකා රාමනායක-