Aug.30
10.15pm
කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (30) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3010 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අවසන් ආසාදිත 10 දෙනා එක්සත් අරාබි එමීර් සිට ලංකාවට පැමිණි අයයි.
9 pm
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 30 දින පස්වරු 7.30 වන විට 3,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
අගෝස්තු 30 දිනය තුළ නව ආසාදිතයින් 5ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 11ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.


දැනට වාර්තා වූ ආසාදිතයින් පස් දෙනාගෙන්,

    මාලදිවයිනේ සිට පැමිණි 03යි
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිට පැමිණි 02යි

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,860කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 128 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.