ලාව, එරියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 22 වැනිදා කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර මහව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය බවට තීරණය කෙරුණු වෛද්‍ය සිසුවියකගේ වකුගඩු සහ දෙඇස් වෙනත් රෝගීන්ට
බද්ධ කිරීම සඳහා පෙරේදා(20) රාත්‍රියේ ඉවත්කරගනු ලැබූ බව වාරතා වේ.
මෙසේ සිරුරු කොටස් ලබාගත්තේ කැකිරාව පාර තලාවේ පදිංචිව සිටි රුසියාවේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටි 24 හැවිරිදි ෂෙරින් නුවන්ති හේරත් මෙනෙවියගේය.

වෛද්‍ය සිසුවියගෙත් ඉවත්කරගත් වකුගඩු දෙක රෝගින් දෙදෙනකුට බද්ධ කිරිම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මහනුවර ජාතික රෝහල වෙත ගෙන එනු ලැබුවේ එම රෝහලේ ස්ථාපිත කර ඇති අවයව බද්ධ කිරීමේ ඒකකයේ සහකාර සම්බන්ධිකරණ නිලධාරින් වන අනුර රත්නායක සහ ජේ.ඩබලිව්. ජයවර්ධන යන මහත්වරුන්ය. එම ඒකකයේ ප්‍රධාන වෛද්‍ය අරුණ අබේසිංහ මහතා මෙය සම්බන්ධීකරණය කර ඇත.  අනුරාධපුර මහ රෝහලේ වාගිනී හා බද්ධ කිරීම් පිළිබද ශල්‍යෙ වෛද්‍ය විශේෂඥ කපිලන් මහතා මෙහිදී වෛද්‍ය සිසුවියගේ වකුගඩු දෙක සිරුරෙන් ඉවත් කර ගනු ලැබිය.
වෛද්‍ය සිසුවියගේ වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ රෝගීන් දෙදෙනකුට ඊයේ බද්ධ කිරිමට නියමිතව තිබිණි. | මියගිය ෂෙරින් නුවන්ති හේරත්  සිසුවියගේ පියා ප්‍රභාත් බණ්ඩාර මහතාය. මව නිශාන්ති ඒකනායක මහත්මියයි. ඔවුහු උපතින්ම කතෝලික ආගමිකයෝ ය.

නිශානි ඒකනායක මහත්මිය සිය දියණිය ගැන අදහස් දක්වමිත් හැඬු කඳුලින් යුතුව මෙසේ කීවාය.
අපට හිටිය එකම දරුවා ෂෙරින් නුවන්ති. ඇය තලාව මහා විද්‍යාලයෙන් හා අනුරාධපුර ඩී.එස්.
සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පස්සේ අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.
අ පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 08 ක් හා බී. සාමාර්ථයක් ගත්තා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාර බී සාමාර්ථ 03 ක් ලබාගත්තා. ඊට පස්සේ
වෛද්‍ය උපාධිය හැදෑරිමට රුසියාවට ගියා.  ඇය වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී කොරෝනා වසංගතය නිසා
ලංකාවට ආවා. නැවතත් එහි යන්න සූදානම්
වෙලා සිටියා. මට  ඉකුත් 22 වැනිදා අපි කැබරථයකින් ගමනක් ගිහින් ආපසු නිවස බලා එද්දී තලාව, ඒරියාගම දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කළ අවස්ථාවේ කැබ්රථය දුමරියක ගැටුණා. එහිදී දුව බරපතළ තුවාල ලැබුවා.

අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දියණියගේ මොළේ මියගොස් තිබෙන නිසා ඇය ජීවත් කරවිමට නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්  අපට දැනුම් දුන්නා. දියණිය මීයගියත් රෝගීන් සුව කිරීමට ඇය තුළ තිබු බලාපොරොත්තුව ඉෂ්ට කරන මායි සැමියයි දියණියගේ වකුගඩු, ඇස් ඇතුළු සියලුම ශරීර කොටස් රෝගීන් වෙනුවෙන් දන් දෙන්න තීරණය කළා.

ෂෙරින්ගේ පියා වන ප්‍රභාත් බණ්ඩාර මහතා මෙසේ පැවසීය. දුම්රිය හරස් මාර්ගයේ තිබෙන ගේට්ටුව වසා  දැම්මට එහි ගේට්ටු ක්‍රියාකරු ක්‍රියාකර නොතිබීම නිසයි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය