හනුවර අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩ පිහිටි ආරක්ෂක ගේට්ටුවෙහි ආරක්ෂාව සඳහා සිටි යුද හමුදා සෙබලෙකු යටකරමින් සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කර අද (30) දින පෙරවරුවේ අනතුරක් සිදු විය.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක්
මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත

ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්‍රය තුළට කඩාවැදී තිබෙන අතර  රථයේ ගැටීමෙන් හමුදා සෙබලා බරපතල තුවාල ලබා ඇත.
වාහනය අධික වේගයෙන් ධාවනය වී ඇති බව සනාථවී තිබේ.
අස්ගිරි විහාර පරිශ්‍රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයක ද අදාළ රථය ගැටී තිබූ අතර එහිදී අදාළ රථය නැවතී තිබිණ.
 අනතුර සිදුකළ රියදුරා සහ වාහනය පොලිස් භාරයට ගෙන ිතබේ. තුවාල ලැබූ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් අනතුර සිදු වූ අවස්ථාවේදී තුවාලකරු රෝහලකට ගෙන යාම සඳහා කඩිනමින් කිසිවෙකුත් ඉදිරිපත් නොවන ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇතැයි වාර්තා පළ විය.