මේ වන විට මෙරටින් කොරෝනා රෝගීන් 2500කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් ඒ අතුරින් මෑතකදී වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.



එම පොකුර තුල සමස්ථයක් වශයෙන් රෝගීන් 400ක් පමණ සිටින බවත් එම මධ්‍යස්ථානයට සේවා සපයපු කාර්‍ය මණ්ඩලය නිවෙස් වෙත ගිය පසු නිවෙස් වලදී ඥාතීන්ට සහ අසල්වාසීන්ට රෝගය පැතිරීම රාජාංගණය වැනි ප්‍රදේශ වලදී දැක ගැනීමට හැකිවූ බවත් එම මහතා ප්‍රකාශ කර සිටිනවා.

මළ ගෙවල්, මගුල් ගෙවල්, වෙළඳ පොළ, අධ්‍යාපනය ලබා ගැනීමට යාම් මෙන්ම පොදු ප්‍රවාහණය තුලින්ද මෙලෙස රෝගය ව්‍යාප්ත වීම සිදු විය හැකි බවත් විශේෂයෙන්ම පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා වලදී පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සිදු නොවූ බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය උපදෙස් පිළිපැතීම ඉතාම වැදගත් බවත් යම් හෙයකින් නැවතත් රෝගය සමාජය තුළ ව්‍යාප්ත වන බව පැහැදිළි වුවහොත් පෙර පරිදිම රටේ සමාජ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට සිදු විය හැකි බවත් එම මහතා පවසනවා.