ද(05)  පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබේ.
සවස 3.45 ට පමණ වාරියපොල පොලිස් වසමේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය, මාරගල්ගොල්ල ප්‍රදේශයේදී නිකවැරටිය දෙසට ධාවනය වූ
වඩිගමංගාව මහතා ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන්
දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණක් ගමන් කර ඇති අතර ඔහු බරපතල තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ලොරි රථයේ රියදුරුද තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වඩිගමංගාව මහතා මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් පුත්තලම දිස්ත්‍රික් නාමයෝජනා ලැබූ අපේක්ෂකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසද කලක් කටයුතු කර ඇති අතර වයඹ පළාත් සභාවේද මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබේ.පසුගිය ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඔහු ඉදිරිපත් විය.