ඇමරිකාවේ නොවැම්බර් මාසයේ පවත්වන්නට නියමිත ජනපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව සුපිරි හිප්හොප් ගායක කන්යෙ වෙස්ට් දැනුම් දුන්නේය.
සරාගී හොලිවුඩ් තාරකාවක වන කිම් කාර්ඩාෂියන්ගේ සැමියාද වන ඔහු ජනපති පදවියට පත්වුවොත් ඇමරිකාවේ ජනාධිපති ආර්යාව (ෆර්ස්ට් ලේඩී) බවට පත්වනු ඇත්තේ කිම්ය.

43 හැවිරිදි සංගීත ශීල්පී වෙස්ට් මීට පෙර ජනපති ට්‍රම්ප්ට සහාය පළ කළ අයෙකු වුවත් මැතිවරණයේදී ඔහුට එරෙහිව තරග වදින බව ප්‍රකාශ කර තිබේ.
මේ දිනවල කළු ජාතිකයින්ට එරෙහිව සිදුවන අසාධාරණකම් හමුවේ කළු ජාතික වෙස්ට්ගේ ප්‍රකාශය තරමක් උද්වේගකර එකක් වී තිබේ.


දැනට ඇමරිකාවේ ඊළඟ ජනපතිවරනයට ඉදිරිපත‍් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නා වන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන්ය.
ඊයේ (4) ඇමරිකානු නිදහස් දින සැමරුමට සමගාමීව පුදුමය දනවන පුවතක් ලෙස එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා තමා තරඟ කරන බව වෙස්ට් නිවේදනය කළේය.
විවාහ වී සිටින රියැලිටි ෂෝ කීර්තිය දිනූ කිම් කාර්ඩාෂියන් එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව බවට පත්වීම වෙනුවෙන් ඇය අරඹන ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රබල එකක් වනු ඇතැයි ආරංචි පළව තිබේ.
වෙස්ට්ගේ නිවේදනයට ටෙස්ලා සහ ස්පේස්එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් සහාය දෙමින්, “ඔබට මගේ පූර්ණ සහයෝගය ඇත!” යයි ට්විට් කර ඇත.