ද (05) අලුයම පහයි කාලට පමණ පානදුර උතුරු පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේදී රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක ගැටී බයිසිකලයක් පදවමින් සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය. මෙම අනතුර සිදු කර ඇත්තේ ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ය.
මාරක රියඅනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්වූ අතර
පොලිසිය ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ, රිය අනතුර සිදු වූ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් බීමතින් සිටියේද යන්න පරීක්ෂා කර
 ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.


මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ මෝටර් රථය පාරේ දකුණු දෙසින් නීතිවිරෝධී ලෙස ධාවනය කරන අයුරු සීසීටීවී දර්ශන වලින්ද පෙනී ගොස් ඇත. අනතුරට ලක්වූ පසු  තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි. මෙසේ මිය ගොස් ඇත්තේ ගොරකපොල පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි.
අනතුර සිදු වන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩක අවිශ්ක ප‍්‍රනාන්දු ද සිට ඇති බව වාර්තා විය.
අද උදෑසන 5:15ට පමණ මෙම අනතුර සිදුවූ අතර මෙම අනතුරට ලක්වීමට ප්‍රථම කුසල් මෙන්ඩිස් නිවෙස බලා යාමට පැමිණ ඇත්තේ වැල්ලවත්තේ පිහිටි රාත්‍රී සමාජශාලාවක සිට පමණ බවද පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

ඊයේ (4) රාත්‍රී දහයේ සිට අද අලුයම පහ දක්වා කුසල් මෙන්ඩිස් මෙම රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා තවත් යොවුන් ක්‍රීඩකයෙක් වන අවිශ්ක ප්‍රනාන්දු සහ තරුණියන් පිරිසක් එම සාදයට එක්ව තිබේ.

රාත්‍රී සමාජශාලාවේ සාදය උදෑසන 4:30ට පමණ අවසන් වී තිබෙන අතර ඔවුන් ඉන්පසුව එම සමාජ ශාලාව අසල මාර්ගයේ රැඳී සිටිමින් දුම් පානය කරනා ආකාරය අසළ CCTV කැමරා වල සටහන්ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇත.
අනතුරුව අවිශ්ක සමග එතැනින් පිටත්වන කුසල් මෙන්ඩිස් උදේ 5.15 ට පමණ මෙම අනතුර සිදු කර තිබුණි,

අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
අනතුර සිදු කරන අවස්ථාවේ සීසීටීවී දර්ශන පහතින්