සුගිය ජූලි 02 බ්‍රහස්පතින්දා සම්පත් බැංකුවේ දෙහිවල ශාඛාවට ඇතුළු වීමට උත්සාහ දැරූ හිජාබයකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවක එසේ ඇතුළුවීම වළකමින් ආරක්ෂක අංශ බාධා කර තිබුණි.
සිදුරකන ලද බාධාව නොඉවසමින් ඇය වෙනුවෙන් මුස්ලිම් තරුණයෙකු පළ කරන විරෝධය ඇතුළත් වීඩියෝව සමාජ ජාලා තුළ
වේගයෙන් සැරිසැරිය අතර ඒ ගැන දැන් සංවාදයක් බිහිව තිබේ.

මෙම වීඩියෝවට අනුව අදාළ ගැටලුවට මුහුණදුන් කාන්තාව හැඳ සිටින්නේ හිජාබයක් වන අතර (මුහුණ සම්පූර්ණයෙන් විවෘත) එය පසුගිය කාලයේ නීති අනුව තහනම් වූ ඇඳුමක් නොවේ. ඇය වෛරසයෙන් ආරක්ෂාවීමට ඇගේ හිජාබයට ගැලපෙන පාටින් කළු පැහැති මුහුණු ආවරණයක් මුහුණේ පහළ සිට නාසය වැසෙන කොටස තෙක් පැළඳ සිටී. බැලුබැල්මට ඇගේ ඇඳුම තහනමට ලක්වූ නිකාබයක් ලෙස දිස්වේ.
 (නාසයෙන් ඉහළ කොටස් ඇස් හා නළල පමණක් පෙනෙන)

ඒ අනුව පෙනී යන්නේ ආරක්ෂක අංශ ඇයව නවතා ඇත්තේ පසුගිය පාස්කු ප්‍රහාර හා ආසන්න කාලයේ තාවකාලිකව ශ්‍රී ලංකාවේ පැනවූ බුර්කා හා නිකාබ් ඇඳුම් පැළඳීම තහනම් කරන නීතිය අනුවය. එම නීතිය මෛත්‍රී රජය පනවන්නට යෙදුනේ හදිසි නීතිය හා ආශ්‍රිත විධානයක් ලෙස වූ අතර හදිසි නීතිය ඉවත් කිරීමත් සමග එම නීතිය තවදුරටත් බලාත්මක නොවීය. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලික ආයතන හා විශේෂයෙන් බැංකු වැනි මූල්‍යායතන තවදුරටත් ඔවුනගේ පරිපාලන නීතියක් ලෙස පාරිභෝගික ආරක්ෂාව තකා නිකාබ් හා බුර්කා තහනම තවමත් ක්‍රියාත්මක කරනු හඳුනාගන්නට ලැබේ.

සම්පත් බැංකුවේ ඇතිවූ සිද්ධිය අනන්‍යතාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් වූ අතර එය කිසියම් ජාතියක් හෙළාදැකීමේ උවමනාවෙන් කළ දෙයක් යයි පෙන්නුම් නොකරයි. සිද්ධියට මුහුණු දුන් කාන්තාව වසර 10 ක් තිස්සේ මෙම බැංකුවේ ගනුදෙනු කරන බවද වීඩියෝවේදී සඳහන් වේ.

 සිදු වීමෙන් පසු මේ වන විට සම්පත් බැංකුවට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙමින් තිබේ.
එයට ප්‍රතිචාර ලෙස සම්පත් බැංකුව විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබුණි. එය පහත පරිදිය.ආරවුල අවස්ථාවේ වීඩියෝව ඊට පහතින්