ශරීර සෞඛ්‍යයට අහිතකර 'කහ' කුඩු වර්ග කිහිපයක් වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති බව පේරාදෙණිය සරසවියේ ආහාර විද්‍යා අංශයේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා අනාවරණය කර තිබේ.

රෙදි ඩයි වර්ග, කල් ඉකුත්වූ පිටි හා හාල්පිටි මිශ්‍රකර මෙම ව්‍යාජ කහ කුඩු නිපදවන බව පැවසේ.
කහ සඳහා වැඩි ඉල්ලුමක් පවතින කාලවලදී හා කහ සැපයුම අඩාල වන කාලවලදී මෙවැනි බාල කරන ලද කහ වර්ග වෙළෙඳපොළට මුදාහැරීමට ජාවාරම් කරුවන් ක්‍රියාත්මක වන බවත් ඒවා පාරිභෝජනයෙන් අක්මාවට හා වකුගඩු වලට බලපාන රෝන වැළඳිය හැකි බවත් ඔහු අවධාරණය කර ඇත. ඇදුම ආදී රෝග උත්සන්න කරවීමටද මෙම අහිතකර ද්‍රව්‍ය බලපා ඇත.
මේ නිසා කහ කුඩු මිලට ගැනීමේදී ප්‍රමිතිය සහිත වෙළෙඳ නාම හා සලකුණු සහිත ඒවා මිලට ගැනීමට සැලකිලිමත්වන ලෙස මහාචාර්යවරයා දන්වා සිටී.