ස්ලාම් ආගමට හැරී පසුව 2019 දී ශ්‍රී ලංකා පල්ලිවල සිදු කරන ලද ආකාරයේ ස්ථාන තුනකට බෝම්බ දැමීමට කුමන්ත්‍රණය කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක පසුගිය සිකුරාදා ජීවිතාන්තය දක්වා සිර දඩුවමට නියම වූ බව ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා සඳහන් කරයි.
37 හැවිරිදි සෆියා ෂෙයික් නමැති ඇය (උපත මිෂෙල් රැම්ස්ඩන් නමිනි) ලන්ඩනයේ දුම්රිය ස්ථානයක, හෝටලයක සහ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණය කර තිබූ අතර

ස්කොට්ලන්ඩ්යාඩ් සහ එම්අයි 5 ඒකාබද්ධ පරීක්ෂණයකින් පසුව ෂේක් 2019 ඔක්තෝබර් 10 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඇය විශ්වාස කර තිබුනේ ඒ වනවිට ඇය සමඟ අන්තර්ජාලය හරහා කතා කළ එක් නිලධාරියෙකුට පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට උදව් කළ හැකි බවයි.ඇය පෙබරවාරි මාසයේ දී තමන් කළ වරද පිළිගෙන තිබේ.

ඇය තවත් රහස් නිලධාරියෙකුට බෑග් දෙකක් ලබා දුන් බවත් එහි ද්‍රව්‍ය මගින් බෝම්බ නිර්මාණය කරනු ඇතැයි බලාපොරොත්තු වූවාය. ඇය මෙම බෝම්බ වලින් එකක් ශාන්ත පාවුළු දෙව්මැදුර තුළත් තවත් බෝම්බයක් අසල හෝටලයකත් තැබීමට සැලසුම් කළ ආකාරය ඇය රහස් පොලිස් නිලධාරියෙකුට පැවසුවාය. ඇයගේ සැලසුමෙ හැටියට තුන්වන ස්ථානය - සියදිවි නසා ගැනීමේ ඇඳුමක රඳවා දුම්රිය ස්ථානයකදී පුපුරුවා ගැනීමය.
ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලිවලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිය ගණනක් මිනිසුන් ඝාතනය කළ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීමට තමාට අවශ්‍ය බව ෂෙයික් රහස් පොලිස් සම්මුඛ සාකච්ඡාවකදී  පිළිගත්තාය.

මුස්ලිම් පවුලක කරුණාව ගැන පැහැදීමෙන් පසුව 2007 දී ෂෙයික් ඉස්ලාම් ආගමට හැරුණු බව අධිකරණයට දන්වා ඇති නමුත් පසුව අන්තවාදී අදහස් ඇති අන්තර්ජාලය හරහා පුද්ගලයින් සොයා ගියාය. රහසිගත නිලධාරියෙකුට එක් පණිවිඩයක් යවමින් ෂෙයික් ප්‍රකාශ කළේ ග්‍රැෆික් ත්‍රස්තවාදී වීඩියෝ නැරඹීමට තමා “ආසා” කළ බවයි.
ලන්ඩන් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ සෆියා ෂයික් ට අනුබල දුන් අන්තවාදී දේශකයෙකු මෙරට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම්
සහ ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රහාරයන් දියත් කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් සමඟ
සබඳතා පවත්වා ඇති බවටද අනාවරණ වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටාජ් සමුද්‍රා බෝම්බකරු 2006 සහ 2007 වසරවලදී අදාළ අන්තවාදී
දේශකයා බ්‍රිතාන්‍යයේදී මුණගැසී ඇති බවයි.
ෂෙයික් ගේ දේශකයින් ලෙස කටයුතු කර ඇත්තේ අබූ වලීඩ්, අල් මුහජිරෝන්, ඇන්ජම් චවුද්‍රි නමැති අන්තවාදී
මත දරන්නන්ය.

පාස්කු ඉරුදින ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල්
2006 වසරේදී ලන්ඩන් නුවර කින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඇන්ජම්
චවුද්‍රි ලෙස ප්‍රකට අන්තවාදී දේශකයා සමඟ සබඳතා පවත්වා ඇති බවද මේ ඔස්සේ අනාවරණ වී
තිබෙයි.
ඇන්ජම් චවුද්‍රි අයි.එස්. හිතවාදීන්ගේ ප්‍රධානතම නියෝජිතයෙකු ලෙස  බ්‍රිතාන්‍යයේ කටයුතු කර ඇති
අතර, ඔහුගේ දේශන මෙරට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්
ද ශ්‍රවණය කර තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ඇන්ජම් චවුද්‍රි බ්‍රිතාන්‍ය තුළ හඳුනා ගෙන ඇති භයානකම අන්තවාදී දේශකයෙකු ලෙස එරට බුද්ධි අංශ
වාර්තා පෙන්වා දෙන අතර,  2016 වසරේදී ඔහු IS ත්‍රස්ත සහය පැතීම හේතුවෙන් බන්ධනාගාර
ගතව පසුව 2018  වසරේ දී නිදහස ලබා තිබෙයි.
[July06, 2020 - Gossiplankanews.com]