පාසල් ආරම්භ වුවද ළමුන් ප්‍රවාහනය කිරීමෙන් ඉවත්වනවා - ස්කූල් සර්විස් සභාපති

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "පාසල් පටන් ගත්තත් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට අපේ
සංගමයේ කිසිදු බස්රථයක් ධාවනයට එක් කරන්නැහැ. එහෙම බස් රථ ධාවනය කළොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. මොකද පාසල් පටන් ගනේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ යන විභාගවලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විතරයි. ඒ දරුවන් වෙනුවෙනුත් වෙලාවල් දෙකකදීයි පාසල පටන් ගනත් අවසන් වෙන්නෙත්. එතකොට එම කාණ්ඩවලට අදාළව අප් බස් රථ වල ගමන් කරන්නේ ඉතාමත් අඩු දරුවන් සංඛ්‍යාවකුයි.
ඒ දරුවන් විතරක් ප්‍රවාහනය කරලා අපිට යන පිරිවැය දරන්න බැහැ. ඒ නිසයි අකමැත්තෙන් මේ තීරණය ගත්තේ.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියත්ත