ටේ කථාබහක් ඇති කරමින් ජ්‍යෙෂ්ඨයින්ගේ ටයර් පහරට ගොදුරුවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන පසිඳු හිරුෂාන් සිසුවා දීර්ඝ කාලීන ප්‍රතිකාර ලැබීමෙන් පසු  මාස ගණනාවකට පසු ඊයේ (08) යළිත් විශ්ව විද්‍යාලයට පැමිණියේය.
මෙම අනතුර නිසා ඔහුගේ මතකය මුලදී අහිමිව තිබුණද දැන් දැන් කෙමෙන් ඔහුට සරසවිය හා එම ඇතුළත ස්ථාන ගැන
මතකය අලුත් කළ හැකිවිය. ඔහුගේ දකුණු අත තවමත් පණ නැත. අපහසුතා සහිතව ඇවිදීමට හැකිය.

කථික තරගවල කැපී පෙනෙන කථිකයෙකුව සිටි පසිඳු දැන් කතා කරන්නේ සෙමින්ය. අමාරුවෙනි.
බරපතල තුවාල ලබා ජීවිතය ගැන පවා අවිශ්වාසයක් තිබුණ ඔහු මේ වන විට තරමක් සුවය ලබා තිබීම සතුටට හේතුවකි.
ඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරු විසින් එම සිසුවා පිළිගෙන විශ්ව විද්‍යාලය තුළට කැඳවාගෙන ගිය අයුරු ඡායාරූප වල දැක්වේ.




(Pix By -Gayan Amarasekara Courtesy -Lankadeepa.lk)