බරාදුව පොලිස් වසමේ යග්ගහ  ප්‍රදේශයේ නිවසක  බලපත්‍ර නොමැතිව නීති  විරෝධී ලෙස ඇති  කරමින් සිටි වන සත්තු කිහිප දෙනෙක්  හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරින්ගේ ද සහාය ඇතිව ගාල්ල
පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබුහ.
 දඬු ලේනුන් දෙදෙනෙක්, වල් ඌරෙක්,  වඳුරෙක්, පරෙවියන් රැසක් ඇතුළු සතුන් කිහිප දෙනෙකු මෙහිදී පොලිස් බාරයට ගෙන ඇත.
පොලිසිය ඊයේ දිනයේම ගාල්ල මහේස්ත්‍රාත්  අධිකරණයට කරුණු වාර්තාකොට වන සතුන්  හික්කඩුව වනජීවී කාර්යාලයට බාර දීමට
පියවර ගන්නා ලදී.  ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම්ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික එම්.නිමල්, පොලිස් පරික්ෂක , සැරයන් තරංග (22482) කාන්තා කොස්තාපල් දිළිණි (8758) හික්කඩුව අඩවි සහකාර එචි.එල්. චමිල ප්‍රදිප්, නියාමක  ධනුෂ්ක හැළඹගේ යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.
(උණවටුන ඩී.ජී.සුගතපාල)