පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වෙමින් වාරතාවූ උතුරු කොරියාවේ පළමු ආසාදිතයා බව සැක කළ පුද්ගලයාට කෝවිඩ්-19 ආසාදනය වී නොතිබූ බව දකුණු කොරියාව මේ වනවිට පවසයි. පෙනෙන ආකාරයට මෙම පුද්ගලයා වසර 3කට පෙර උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පලා ගොස් තිබේ. නමුත් පසුගිය සතියේදී ඔහු නැවත උතුරු කොරියාවට පැමිණ ඇත. ඔහු මෙලෙස නැවත උතුරු කොරියාවට ගොස් තිබෙන්නේ විශාල ජල නළයක් ඇතුළෙන් රිංගාගෙන වන අතර පසුව හැතැප්මක් පමණ දුර පිහිනා ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.
ගෙවුණු සති අන්තයේදී පළමු කෝවිඩ්-19 ආසාදිත බව සැක කරන පුද්ගලයෙකුව උතුරු කොරියාවෙන් වාර්තා විය. එම ආසාදිතයා දකුණු කොරියාවට පලා ගොස් නැවත පැමිණි උතුරු කොරියානු පුද්ගලයෙක් බව පැවසේ.

ඔහු උතුරු කොරියාවට ඇතුල් වූයේ කෙසේද?

දේශ සීමාවට ආසන්යේ පිහිටා ඇති ගංවා දූපතේ සිට 24 හැවිරිදි පුද්ගලයෙකු උතුරට ළඟා වූ බව සඳුදා දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කර තිබුණි.
පෙනෙන ආකාරයට ඔහු පැමිණ ඇත්තේ කහ මුහුද දක්වා ගමන් කරන නළයක් තුළින් බඩගාගෙනය. ඉන්පසුව ඔහු උතුරට පිහිනා තිබේ.
“මෙම පුද්ගලයාගේ කියා විශ්වාස කරන බෑගයක් අපට හමු වීම නිසා ඔහු පලා ආවේ කොතැන් සිටදැයි පැවසිය හැකි නිශ්චිත ස්ථානයක් අප හඳුනාගෙන තිබෙනවා” කොල් කිම් ජුන්-රාක් පැවසූ බව
යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
මේ මාසයේදී නැවත උතුරු කොරියාවට පැමිණීමට පෙර එම පුද්ගලයා දකුණු කොරියාවට පලා ගොස් තිබෙන්නේ වර්ෂ තුනකට පෙර බව මීට පෙර අවස්ථාවකදී උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේය.
ජූලි 19වෙනිදා ඔහු උතුරු කොරියාවේ වෙරළාසන්න කැසොං නගරයට ළඟා වූ අතර ඔහුට වෛසරය ආසාදනය වී ඇති බව සැක පහළ කරන ලදි.
වාර්තා වන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජෝන් වෛරසය මැඩපැවැත්වීම සඳහා “උපරිම හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දකුණු කොරියාව පැවසුවේ කුමක්ද?
‍“මෙම පුද්ගලයා කෝවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබුණේවත් වෛරස් ආසාදිතයෙකුව සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් බව වර්ග කර තිබුණේවත් නැත” යොන්හැප් පුවත් ඒජන්සිය පවසන පරිදි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් වන යූන් ටැ‍හෝ පවසා තිබේ.
මෙම පුද්ගලයාව ඇසුරු කළ පුද්ගලයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත්දැයි බැලීමට පර්යේෂණ සිදු කළත් ඔවුන්ට එය ආසාදනය වී තිබී නැත.
චීනයෙන් පිටත කෝවිඩ්-19 වසංගතය පැතිර ගිය මුල් රටවල් අතරින් එකක් බවට දකුණු කොරියාව පත් වුවද දැන් එහි වෛරසය විශාල වශයෙන් පාලනය වී ඇති බව සඳහන්ය.
එහි ජනගහනය වන මිලියන 50කට වැඩි සංඛ්‍යාවක් අතරින් සෑම දිනකටම නව ආසාදිතයන් 50ක් එරටින් වාර්තා වන පැවසේ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයන් වන අතර ඔවුන්ව නි‍රෝධායනයට ලක් කරන බව සඳහන්ය. 
මේ වන තෙක් උතුරු කොරියාවේ එක් ආසාදිතයෙකුවත් වාර්තා වී නොතිබූ බව එරට පවසන අතර විශ්ලේෂකයන් පවසන්නේ එය සිදු විය නොහැක්කක් බවය.

පලා ගිය පුද්ගලයෙකු නැවත පැමිණීම එහි සාමාන්‍ය දෙයක්ද?

උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට ගොස් නැවත පුද්ගලයෙකු උතුරු කොරියාවට පැමිණීම කලාතුරකින් සිදු වන දෙයක් බව සඳහන්ය. 
දකුණු කොරියානු එක්සත් ආමාත්‍යංශය බීබීසී වෙත පවසා ඇත්තේ 2015 සිට මෙවන් පුද්ගලයන් 11දෙනෙකු වාර්තා වූ බවත් අවසන් පුද්ගලයාව වාර්තා වූයේ 2017දී බවත්ය.
මෙම පුද්ගලයාද ගංවා දූපතේ සිට පිහිනා ආ බව තහවුරු වුවොත් ඔහු එසේ කළ 12වැනියා බවට පත්‍ වේ. 
මේ පිළිබඳව බීබීසී පුවත් වෙත දකුණු කොරියාවේ සියෝල්හි සුබින් කිම් පවසන්නේ මෙසේය.
මෙම පුද්ගලයා පිළිබඳව පවසා ඇත්තේ ඔහුට වෛරසය වැළඳී තිබූ බවට “සැක පළ කරන” බව පමණක් වුවද තමන් වසංගතයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග බිඳ දැමීම පිළිබඳව පිටස්තර ලෝකය, විශේෂයෙන්ම දකුණු කොරියාව වග කිව යුතු බව පැවසීමට උතුරු කොරියාව විසින් උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. දකුණු කොරියාවේ සිට වසර 3කට පසුව නැවත පැමිණි මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී බව පැවසීමට මෙතෙක් සාක්ෂි නොමැත. එසේ ආසාදනය වී තිබූ බව දකුණු කොරියාව ප්‍රතික්ෂේප කරයි. පෙනෙන ආකාරයට උතුරු කොරියාවේ මීට අදාළ ප්යොංයැං ප්‍රදේශයේ එතරම් පරීක්ෂණ ප්‍රමාණයක්ද සිදු නොවේ. ආසාදිතයන් උතුරු කොරියාවෙන් වාර්තා වුවත් නැතත් චීනය සමඟ ඇති මුහුදු වෙළඳ මාර්ගය වසා දැමීම ඇතුළුව ‍එරට ගෙන තිබෙන දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් එහි ආර්ථිකයට කඩා වැටෙමින් පවතින බවට සාක්ෂි ති‍බේ.
ඖෂධ හෝ ආහාර ඇතුළුව ආධාර තමන්ට ලබා දෙන ලෙස දකුණු කොරියාවට පැවසීම සඳහා නිදහසට කරුණක් ලෙස මෙම සිද්ධිය යොදාගැනීමට උතුරු කොරියාව උත්සාහ කරනවා විය හැකිය.
(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක