කෲර මනුෂ්‍ය ඝාතන පිළිබඳ සිදුවීම් ගණනාවක් පසුගිය දින කිහිපය තුළ වාර්තා විය.
මීගමුවේ පෙරියමුල්ලේ රාත්‍රී හෝටලයක් තුළ වැසිකිලි කාමරයක් තුලදී වයස අවුරුද්දයි මාස 4 ක කුඩා දැරියක අමානුෂිකව දුෂණය ලක්ව පසුව මිය යාමේ අපරාධය සිත් සසල කරවන්නක් විය. මේ පිටුපස සිටින පුද්ගලයා මියගිය දැරියගේ මවගේ අනියම් සැමියා යයි කියන වයස 22 තරුණයෙකි.
මොවුන් පුත්තලම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන අතර
මීගමුව සා.පිතර විදුහල ඉදිරිපිට හැමිල්ටන් ඇල හරහා වැටි ඇති බව කියන අබින් පාලම  යට තාවකාලිකව ගෙවල් පේලියක පදිංචිව සිටි බව කියැවේ. දැරිය සමග මව තනිව ජීවත්වූ අතර පියා වෙනතක ගොසිනි. දැරියගේ මව සමග අනියම් ඇසුර පැවැත්වූ තරුණයා සතියකට වරක් දෙවරක් පෙරියමුල්ලේ පිහිටි හෝටලයක කාමරයක් තුළ රැය ගතකරන බව කියැවෙන අතර එම අවස්ථාවට මව යන්නේ දැරියද කැටිවය.
සිද්ධිය සිදුවූ දිනයේ මේ කියන මව අසනීප තත්වයේ පසුවී ඇති අතර ඇය තම පහස සොයා ආ අනියම් පෙම්වතාට දැරිය දූෂණය කරන්නට ඉඩ සලසා ඇති බව කියැවේ.

හෝටලයේ වැසිකිළි කාමරයේදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු දැරිය අධික රුධිර වහනය මත රෝහල් ගත කළ අතර රෝහලේදී මියගියාය. මියගිය දැරියගේ වයස අවුරුද්දයි මාස 4 කි.

පසුගිය 16 වෙනිදා පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් ලෙස නම් කරන ලද අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව හා අනියම් සැමියා බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අනියම් පුරුෂයා මෙන්ම දැරියගේ මව දෙන්නාම වයස අවුරුදු 22 තරුණ වයසේ පසුවන අයයි.

මෙම දෙන්නාම 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා පසුගියදා (17දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුවේ අබ්දුල් කපූර් නවුපර් (22) සහ ඉම්මා සලස්
හලාල්දීන් පාතිමා මින්නා (22) යන දෙදෙනෙකි.