ද (20) උදෑසන නුගේගොඩ ගුවන් පාලම මතදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක්
තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළාය.
තුවාල කරුවන්  කළුබෝවිල රෝහලට ඇතුලත් කිරිමේදී රියදුරු මිය
ගොස් ඇත. මියගිය යුද හමුදා නිලධාරියා වයස අවුරුදු 35 ක් වූ වතුරවල, නින්දාන, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (20) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.