රාගම මෙල්ස්ටා පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය 13දා කොරොනා  රෝගය වැළඳීම නිසා ඔහු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබූ පුවත මාධ්‍ය වාර්තා කර තිබූ අතර අද වාර්තාවන්නේ
ඔහුගේ
කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මව බිරිය හා දරු තිදෙනාටද කොරෝනා පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි.
ඔවුන් අද 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා තහවුරු කළේය.


මෙම වෛද්‍යවරයා  කන්දකාඩු නිරෝධායන  මධ්‍යස්ථානයේ ආරාධිත  උපදේශකවරයෙකු ලෙස ද සේවයකරන අතර ඔහුට  කොරොනා  රෝගය වැළඳීමෙන් පසුව  එම නිවසේ පදිංචිව  සිටි වෛද්‍යවරයාගේ  බිරිඳ  (37), ඇයගේ මව,(56) පුතා (11) සහ දියණිය (06) යන අය  ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

පසුව  වෛද්‍යවරයා සංචාරණය කළ  බව පැවසෙන ස්ථාන කිහිපයක් නිරෝධායනයට ලක් කොට ,එම
ස්ථාන වලට ආ ගිය  34 දෙනකු මේ වන විට  ස්වයං  නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

ඒ අතර පසුගිය 17දා ,වෛද්‍යවරයාගේ නිවසේ පදිංචි මේ අය  පී.සී.ආර් පරීක්ෂණයට ලක්කරන ලද අතර තහවුරු වී ඇත්තේ එම නිවසේ පදිංචි වෛද්‍යවරයාගේ මව බිරිඳ පුතා සහ දියණිය ට කොවිඩ්  19 වෛරසය වැළඳී ඇති බවයි.56 හැවිරිදි  කාන්තාව තවදුරටත් ස්වයං නිරෝධායනයට වන්නට ඉඩ තබා පවුලේ අනෙක් අය අද  සවස, ගිලන් රථයකින් කොළඹ ජාතික  බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබේ.