ගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ සෙවනගල ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය

ආසන සංවිධායක විමල් ගලගමආරච්චි යන මහත්වරුන් විසිනි. එම අවස්ථාවට යහපාලනයට සම්බන්ධවී සිට පොදු ජන පෙරමුණට එක්වූ ජගත් පුෂ්පකුමාර සභාවට පැමිණි පසු හිමි නමක් ඔහුට එරෙහිව කතාවක් පැවැත්වූ අතර පසුව හිමි නමගේ මයික්‍රෆෝනය ක්‍රියා විරහිත කරන ලදුව පසුව ජගත් පුෂ්පකුමාර සභාව අමතද්දී එයටද උන් වහන්සේ බාධා කළා.
නමුත් ජගත් පුෂ්පකුමාර සභාව අමතද්දී මුළු සභාවම හූ හඩ නැගූ අතර අනතුරුව සභාවට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ වේදිකාවේ සිටියදී ආසන සංවිධායක විමල් ගලගමආරච්චිට විරෝධයක් එල්ලවූ අතර ගලගමආරච්චි පුත්‍රයට පහරදුන් බවටද වාර්තා විය.
තමන්ගේ පක්ෂයේ මනාප තරගයට ගැටුම් ඇතිකරගැනීම උචිත නැතැයි අගමැතිවරයා දන්වා සිටියේය.