න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කලවාන ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ (14දා) තහවුරු වූ අතර මේ පුද්ගලයා නගරයේ සැරිසැරීම හේතු කොට කලවාන නගරයේම වෙළෙඳසල් වසා දමන්නට සිදුවිය.
කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දන්වා ඇති තොරතුරු අනුව
ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියෙකු වන අතර, කලවාන, හඟරංගල ප්‍රදේශයෙන් විවාහ වී තිබේ. කලවාන ප්‍රදේශයේ තමා පදිංචි නිවසට පසුගිය 05 වනදා ඔහු පැමිණ ඇති බව වාර්තා විය.

අනතුරුව පසුගිය 10 වනදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මඟින් කළ දැනුවත් කිරීමකට අනුව ඔහු රැගෙන ගොස් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර, ඊයේ 14දා ඔහු කෝවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඉන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයන් 11 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානට ඊයේ (14දා) යොමු කර ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

ඔහු ගැවසුණු රාජ්‍ය බැංකුවක්, බෙහෙත් ශාලාවක්, වෙළෙඳ සැල් දෙකක සේවකයන් 08 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

ඔහු කලවාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක ගැවසී ඇති අතර, ඔවුන්ගෙන් පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය . මේ අතර, කොරෝනා තත්ත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද (15දා) දහවල් 12.00 සිට කලවාන නගරයේ වෙළෙඳ සැල් වසා දැමෙන බව කලවාන එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රුද්‍රිගු මහතා පැවසීය.

කලවාන වෙළෙඳ සංගමයේ සිටින වෙළෙඳ මහතුන් 300ක් පමණ මෙම තීරණයට එකඟතාව පළ කරමින් වෙළෙඳ සැල් වසා දැමීමට තීරණය කර තිබුණි.

- කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම -