හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙවර මහමැතිවරණයේ පොළොන්නරුව ආසනයෙන් මන්ත්‍රී ධූරයක් සඳහා තරග වදී. ඔහුට විශාල තරගයක් ලබාදී ඇති රොෂාන් රණසිංහ සමග දිස්ත්‍රික් ප්‍රථමයා වීමේ සටනක නියැළේ. ඊයේ පොළොන්නරුවට ගිය ජනපති
ගෝඨාභය රාජපක්ෂ සමග ස්ථාන ගණනාවකදීම ගමන් කළේ රොෂාන්ය. නමුත් දීප උයන ඉදිරිපිට පැවති ජන හමුවට පමණක් මෛත්‍රීට ජනපති කිට්ටුවට එන්නට හැකි වූ අතර එයට රොෂාන් එක්වූයේ නැත. හිටපු ජනපති මෛත්‍රී මෙන්ම ඔහුගේ පුත් දහම්ද එම අවස්ථාවට එක්විය.


මෙම ඡායාරූප හිටපු ජනපතිගේ මන්ත්‍රී සටනට සහය දෙන්නට වත්මන් ජනපති එක්වූ විරල අවස්ථාවේදී ලබාගත් ඒවායි.