පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයේ උදෑසන කෑමකට එන්නැයි ශ්‍රී ලංකාවේ දෙමළ පුවත්පත් මාධ්‍යවේදීන්ට ආරාධනා කරනු ලැබුවේය. යාපනය මූලික කරගත් 'සුදර් ඔලි' පුවත්පතේ
කර්තෘ අගමැතිවරයාට ත්‍යාගයක්ද රැගෙන එහි පැමිණ තිබුණි.
අරලියගහ මන්දිරයේ ආරක්ෂක අංශ වෙතින් දැඩි පරීක්ෂාවකින් අනතුරුව එම ත්‍යාගය ගෙනයාමට අවසරය ලැබී තිබුණි. තෑගි පාර්සලයේ වූයේ යාපනයේ මේ දිනවල බෙහෙවින් ඵලදාව ඇති කර්ත කොළොම්බන් අඹ යි. අගමැතිවරයාට ඔහු එය පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.