පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් මිලියනයක් බැගින් වූ පුද්ගලික ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කරනු ලැබ තිබේ.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ
මෙම අනතුර සිදුව තිබු අතර එහිදී සී.සී.ටී.වී කැමරා දර්ශන අනුව නීතියට පටහැණි ලෙස පාරේ දකුණු දෙසින් කුසල් මෙන්ඩිස් වාහනය ධාවනය කරන අයුරු සාක්ෂි ලැබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ බස් කොන්දොස්තර වෘත්තියේ නියුළුණ 64 හැවිරිදි පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.


පාපැදිකරු හැපුණ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් වාහනයෙන් බැස හැපුණ කෙනා වෙත ආවත් ඔහුව රෝහලට ගෙනයන්නට කටයුතු කර තිබුනේ නැති අතර ටික වේලාවක් බලා හිඳ එම අවස්ථාව මගහැර පළාගොස් තිබුණි.
පසුව නැවත පැයකට පමණ පසු පොලිසියට භාරවී තිබුණි. මියගිය රෝගියාව අවට සිටි අය රෝහල් ගත කර තිබුණි.
සාදයකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවුණි. කුසල් බීමතින් රිය පැදවූයේද යන්න සොයා බලන බව පමණක් ඊයේ සවස් වනවිටත් පොලිසිය පවසා සිටි නමුත් අද අධිකරණයේදී එවැන්නක් තහවුරු කරන සාක්ෂි පොලිසිය  ඉදිරිපත් කර තිබුනේ නැත.
කුසල් මෙන්ඩිස් පැදවූ වාහනය රිය අනතුරකට ලක්වී මරණයක් සිදුවීමෙන් පසු දිනම ඇප මත නිදහස ලද ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියේ පැය 24 ක් වැනි කෙටි කාලසීමාවකි.
මීට ඉහත පසුගිය මාසයේ පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුර සිදු කළ අශාන් රත්වත්තේද රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ දින 5 කි.