පිළියන්දල කැස්බෑව මාවිත්තර 'දසුන' හෝටලයේ අධිපති කෝටිපති ව්‍යාපාරික ප්‍රසන්න සාගර කුමාර (51) ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිස් කණ්ඩායම් හතරක් මේ වනවිට යොදවා ඇති බව වාර්තාවේ.
හිසට මොට ආයුධයකින් එල්ල වුණ තද බල  පහර තුනක් හේතුවෙත්
අධික ලෙස රුධිරය වහනය  මරණයට ප්‍රධාන හේතුව බව මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත. වැඩිදුර තොරතුරු පරීක්ෂාව පිණිස සිරුරේ කොටස්  රස පරික්ෂකට යොමු කර තිබේ.
මින් ඉහත වාර්තාවූයේ ඝාතනය සිදුවූ දින රාත්‍රී නිවසේ ජනේලයකින් කවුරුන් හෝ ඇතුළුවී තිබෙන බවට සලකුණු පවතින බවත් එම තැනැත්තා හෝ තැනැත්තන් ඝාතනය සිදුකළා මෙන්ම නිවසේ අල්මරි ආදිය ඇද දමා තිබූ බවත්ය. මෙම පුද්ගලයින් සෙවීම පිළිබඳ යොමුවූ පොලිසිය ගුරුගම්මාන පාරේ සීසීටීවී දර්ශන සහිත නිවාස වලින් ඒවා ලබාගෙන පරීක්ෂණයක් මේ වනවිට සිදුකරමින් පවතී.

මෙම පරීක්ෂනය අතරවාරයේ ඝාතනය සිදු වූ දින රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනකු  මාවිත්තර ගුරු ගම්මාන පාර දෙස සිට විකල්ප හන්දිය දෙසට පා ගමනින් කඩි මුඩියේ ගමන් කරන අයුරු  සටහන් වන සීසීටීවී දර්ශනයක් හමුව තිබේ. මෙම දෙන්නා කවුදැයි හඳුනාගැනීම සඳහා මේ වනවිට තවත් පිරිසක් යොදවා ඇත.
ඔවුන් දෙදෙනා කඩිමුඩියේ පැමිණෙන අතර  වාරයේදී ඉදිරියට පැමිණෙමින් ත්‍රිරෝද රථයකට අත දමා නතර කිරීමට උත්සාහ දරන අයුරුද සී.සී.ටී.වී. දර්ශනවලින් පෙන්නුම් කර තිබේ.

එලෙස පැමිණෙන එක් අයකුගේ පිටෙහි ගමන්  බෑගයක් එල්ලාගෙන සිටින අයුරුද අනෙක් පුද්ගලයා
අත රැදි යමක් අසල වෙල්යායට වීසි කරන අයුරුද  ඔවුන් සී.සී.ටී.වී. කැමරාවලට හසු නොවී මුහුණු  වසාගෙන යාමට දරණ උත්සාහයක්ද එහි දක්නට ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරින් රැසක් පෙරේදා (8) පෙරවරුවේ  එම වෙල්යාය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද තවම කිසිදු දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ. ව්‍යාපාරිකයාගේ ඝාතතය නිවසේ සිටි සමීපතමයකුගේ සහායෙන් සිදු කළ බවට  දැනට සිදු කළ විමර්ශනවලින් බොහෝදුරට තහවුරු කළ හැකි තොරතුරු ලැබෙමින් පවතින බව පොලිසිය  කියයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික ප්‍රසන්න සාගර කුමාර (51) මහතා ඝාතනය වන අවස්ථාවේදී  හෝටලයේ සිටි සේවකයන් හා එදින හෝටලයේ කාමර දෙකක් වෙන්කරවාගෙන සිටි අමුත්තකන්ගෙනුත් ප්‍රකාශ ලබාගෙන ඇත. එලෙස රැඳී සිටි  කාන්තාවක ඇතුළු ආගන්තුකයන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ මෙම ඇඟිලි සටහන් හා පා සටහන් ද ලබා ගැනීමට කටයුතු කළ බවත් ඊට අමතරව මියගිය අයගේ වයස අවුරුදු 11 හා 7  දරු දෙදෙනාගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය දන්වා තිබේ.  සිද්ධියෙන් සුළු තුවාල ලද බව කියත කළුබෝවිල  රෝහලේ ප්‍රතිකාර ලබන ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඇය කියූ ඇතැම් කරුණු සම්බන්ධ තවම විමර්ශන මට්ටමේ පවතින නිසා මාධ්‍ය වෙත හෙළිකිරීම් සිදු කර නැත.

පෙර වාර්තාව
දසුන හෝටල් හිමිකරුගේ ඝාතනයට බිරිය ගැන සැකයක්