න්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරට අනුබද්ධව සේවය කළ රත්නපුරයේ තුන්දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බව ඊයේ තහවුරු වුණා. ඉන් එක් අයෙකු වන්නේ කැඩෙට් නිලධාරියකුය. ඔහු රත්නපුරයේ පාසලක ගුරුවරයකු වශයෙන්ද
සේවය කරන්නෙකි. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට රත්නපුරයට පැමිණ දින කිහිපයක් ඔහුගේ නිවසේ ගත කර ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති. රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ගුරුවරයෙකු බව කියන මෙම පුද්ගලයා කාර්යාලයීය අවශ්‍යතාව මත රත්නපුර ඇලෝසියස් මධ්‍ය විද්‍යාලයටද ගමන් කර ඇති බව කියැවේ.

ඔහු පාසල් ආරම්භ වීමට ප්‍රථම එනම් ජුලි මස තුන්වන සිකුරාදා පෙරවරු 10ට පමණ වැටුප් ලබාගත් බවට අත්සන් කර පාසලෙන් පිටව ගොස් ඇත. ඒ වනවිට අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසලේ රැඳී සිටි අතර ගුරුවරුන් හෝ ශිෂ්‍යයන් රැඳී සිට නැති බවට බලධාරින් තොරතුරු සොයා ගෙන තිබේ.

පාසල් ආරම්භ වූයේ ජුලි මස 6 වන සඳුදා දිනය. එහෙත් එම ගුරුවරයා සමීපව ඇසුරු කළ අය සිටිය හැකිය යන සැකය මත සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අවශ්‍ය පියවර ගනිමින් සිටී.

මේ වනවිට එම විද්‍යාලයේ විදුහල්පති, කිසිඳු ගුරුවරයකු හෝ ශිෂ්‍යයකු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර නොමැති බව රත්නපුර සෞඛ්‍ය බලධාරියෙකු කියා තිබේ. විවිධ කටකතා ප්‍රදේශයේ පැතිරී ඇති අතර කැඩෙට් පුහුණුකරුවකු වූ මෙම ගුරුවරයා රත්නපුරයේ සිටියදී ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමට කටයුතු යොදා තිබේ.

රත්නපුර සමන් දේවාලයට නුදුරු ගනේගොඩ ප්‍රදේශයේ මෙම ගුරුවරයා පදිංචිව සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවා ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.

රත්නපුර ගුරුවරයකුට කොවිඩ්-19 ආසාදිත බවට ආරංචි පැතිරී යාම නිසා ප්‍රදේශවාසීන් කැළඹීමට පත්ව සිටින අතර ඔහුගේ සමීපතමයන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගන්නා නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි රත්නපුර මහජන සෞඛ්‍ය අංශ පවසයි.

එහෙත් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් ආරක්ෂිතව සිටින ලෙස රත්තපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ඊයේ ප්‍රවාසීන්ගෙන් ඉල්ලා ඇත.