ඔබ වහන්සේගේ ගිහි කල නම මොකක්ද?
 අනුරසිරි ගුණරත්න

 අපි හාමුදුරුවෝ මහණ වුනේ වයස  කීයෙන්ද?
 වයස අවුරුදු විසි තුනයි ඒ  1993.



 මහන වෙනකොට රැකියාවක් කරමින් හිටියද?
 නෑ ගොවිතැන් කළා.

 මහණවෙන්න  පන්සලට ඇවිත් කොච්චර  කාලයක් ඇබිත්ත කම් කරාද ?
 මම මහණ වෙන්න කලිනුත් ඇබිතිකම කළා. පන්සල්ට එන්න කලින් අවුරුදු පහළොවේදී හාමුදුරුවෝ ආශ්‍රයෙන්ම තමා හිටියේ.

 කොයි පන්සලේද  හාමුදුරුවනේ?
 පහමිණියාගම අභිනආරාමයේ පොඩි පන්සලක් ඒක.

හාමුදුරුවන්ට මහණ වෙන්න බලපාපු ප්‍රධාන හේතුව මොකක්ද අපේ හාමුදුරුවනේ ?
මට භික්ෂු ජීවිතයට පොඩි ආසාවක් තිබ්බා .එහෙම නැතුව විශේෂිත වෙන සම්බන්ධකම් නෑ.

ප්‍රේම සම්බන්ධතා තිබුණද  හාමුදුරුවනේ  ?
මට යෙහෙළියෝ හිටිය පෙම්වතියො නම් නෙමෙයි.

 හාමුදුරුවන්ගේ පවුල් පසුබිම?
 අපි  ගොවි පවුලක් රජරට වන්නි ගොවිතැන් කලේ. ඔක්කොම කළා තල,කුරහන්, වී, කවුපි ඔක්කොම කලා .ඒ කාලේ හර පොත්තෙන් නෑනේ ,හරිම සරල ජීවිතයක් තිබ්බා .කටුමැටි ගහපු පොඩි ගෙයක් කාමර දෙකක් තියෙනවා දරුවො දහයක් හිටියට, පැවිදි වුණත් පොල් අතු පැලක තමයි මන් හිටියේ.  හාමුදුරුවෝ මගෙන් එව්වා කොහෙවත් යන්න මේ පැවිදි වෙන්න බැරිද කියලා, ඒ ගමන මං කිව්වත් ගැටලුවක් නෑ  හාමුදුරුවනේ හැබැයි මට වස්තු නම් නෑ කිව්වා .හාමුදුරුවෝ මම පැවිද්ද විතරක් තිබ්බනම් ඇති කිව්වා. මම නතර වුණා  හාමුදුරුවෝ කාමරේ නිදා ගන්නවා මම එළියෙ ඇඳක නිදා ගන්නවා.

දාන එහෙම හම්බුනාද  හම්බුනාද හාමුදුරුවනේ ?
ඔව් හම්බුනා අහිංසක මිනිස්සු ඉන්නෙ ඒත් දාන වෙලාවට හම්බුනා .

මුලින්ම බණ කිව්ව දවස මතකද හාමුදුරුවනේ ?
මහණ වෙලා දවස් හතකින් විතර කාලේ මගේ ලොකු හාමුදුරුවො බණ භාරගෙන තිබ්බා .ඒ මනුස්සයා කෝච්චියට පැනලා මැරුණ මනුස්සයෙක්. බණ භාරගෙන දවසට කලින් දවසේ ලොකු වැස්සක් තිබ්බා ඒකට හවෙන්වෙල්ල ඔය පිටාර ගලනවා හාමුදුරුවෝ වතුරට බයයි පාලමෙන් ගොඩ වෙන්න බෑ වතුර ඒ ගමන අර මිනිස්සු ආවම හාමුදුරුවෝ මිනිස්සුන්ව පන්නලා දැම්මා. මට බණ කියන්න යන්න පුලුවන්ද මේ වතුර තොපි මාව මරන්නද හදන්නේ ඇහුවා ,ඇත්තටම ලොකු හාමුදුරුවෝ වයස ගමන යන්න අමාරුයි. ඒ ගමන මට කිව්වා මම ඒ ගමන ගියා කෝච්චියට පැන මිනිහගේ ගමන  තමයි එදා කිව්වේ. සාමාන්‍ය කියන්න පැය දෙකකට එහා කාලයක් අවශ්‍යයි.

 අපූරු අමුතු වෙනස්  ශෛලිය කොහොමද අපේ හාමුදුරුවන්ට හුරු උනේ ?
මේ රජරට වන්නියේ අය අමුතු  භාෂාවක් මේ තියෙන්නෙ. ලංකාවේ අය මොන පරිසරයක හිටියත් ලංකාවේ අපි ඔක්කොම වන්නියේ තමයි.ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතයට සමීප භාෂාවකින් එපැයි කතා කරන්න.

 ඔබ වහන්සේ ධර්ම දේශනා වලදී ගීත උපුටා දක්වන්න ගායනා දක්වන්න පුරුදු වුනේ කොයි කාලයේද?
 මිනිසුන්ට සමීප භාෂාව ගීතය කියන්නේ.


 ඔබ වහන්සේ මේ වැඩ ඉන්න පන්සලේ හඳුන්වන්නේ කොහොමද අපෙ හාමුදුරුවනේ ?ප
හමිණියාගම සිරි සමාධි මහා විහාරය .ඉතාමත් මනරම් පරිසරයක් කඳු ගැටයකින් යම් ඇති පේනවා කලා වැව ,කලා වැව දැක්කම මතක් වෙන ගී හාමුදුරුවනේ මේ තරම් සියුමැලිද කලු ගල් අවුකන පිළිමයට මම හරි ආදරෙයි. කලාවැව මගේ ජීවිතේම වන්දනා කරනවා . ඒ කවිය ලස්සනම වචන තවම තනිකඩ යැයි කියා බුදුහාමුදුරුවෝ දේශනා කළ වදාළ නිවන ඒක තමයි.

ඔබ වහන්සේ සුප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ඕනෑතරම් දායක දායිකාවන් ඉන්නවා ඇයි නගරබද අසපුවට වඩින්න නැත්තෙ?
 පහසුකම නිසා නිදහස් ජීවත් වෙන්න ඕන ,යාන වාහන සද්දෙ, කර්කශ කොන්ක්‍රීට් සද්දෙ ඇලක දොලක ගහක් සිසිලසක් නැති ඒ පරිසරය මොකට්ද?  මට වේළුවනාරාමය හාමුදුරුවෝ ඉඩමක් පරිත්‍යාග කරලා ඒකෙ ආවාසයක් හදන්න කිව්වා. මං ඒක ප්‍රතික්ෂේප කරා.

 ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කරල කොච්චර කල්ද අවුරුදු දාහතරක් පමණ කොච්චර වපසරියක් තියෙනවද?
 මේක  මහවැලියෙන්  සංවර්ධනයක කරන්න බැහැයි කියල ගල් කන්දට ඇරපු ඉඩම කොටස්ක් මම මෙහේ ගලක් උඩට වී පාඩම් කරන විට මට හිතුනා පන්සලකට උචිත ස්ථානයක් කියා ඒකට හේතුව භික්ෂු තියේ නිදහසේ  ආධ්‍යාත්මිකව හැදෙන්න ඕන රජමහා  විහාර බලන්න කොතෙක් හෝ ගමකට හේතු කරලා නෑනෙ. උස් බිමක කළුගල් ගල්ලෙන් තියන ආර්ථික වශයෙන් කෘෂිකාර්මික වශයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි ඒ වගේම ආධ්‍යාත්මික  ප්‍රයෝජනයක් ගන්න ප්ලුවන් තැන් තමයි. ඒ ගල් කඳු නිර්මාණය කලේ ඒක  මෙතැන තියෙනවා කියලා මට දැනුනට පස්සෙ මම කුඩේයි  පන්සිය පනස් ජාතක පොතයි, සද්ධර්මරත්නාවලිය අරගෙන පැලක් හදාගෙන ආවා .

පහුගිය දවස් වල ඔබවහන්සේ අසනීපයි කියලා ආරංචි වුණා ?
අසනීප උනේ ගිය අවුරුද්දේ අගෝස්තු වල පනස්වැනි ජන්ම දිනයට මේ පිළිම වහන්සේ නේත්‍රා තියලා විවෘත කරන්න තිබුනේ. ඒ අතරේ අවමංගල්‍ය නායක  හාමුදුරුවන් වහන්සේ උපන්දිනයට ධර්ම දේශනාවකට යද්දි මැල්සිරිපුර වාහනයක් අනතුරුකට
 වෙලා කොඳු ඇට දෙකක් පිපුරුවා .

අපේ හාමුදුරුව ඇයි පාවහන් පලදින් නැත්තේ ?
 මට පුරුදු  වෙලා දැන් අමාරුයි. තමන්ට අහිමි පිළිබඳව සිත නිදහස් කරගැනීමට පුළුවන් මේ ගීතය ඇසීමෙන් මොනතරම් හෙගිමක් තිබුණත් අමරදේව මහතාගේ විකසිත පෙම් පොකුරු පිපී යන ගීතයෙන් මොනතරම් ගීත රාගී බවක් ගොඩනඟා ගන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් උත්තරීතර සූත්‍ර දේශනාව දේශනා කරන මෛත්‍රී පරහිතකාමී බව මේ ගීතය ඇතුලේ තියෙනවා .අමරදේව මහතා ඒක පිරිත්ක්  වශයෙන් තියෙනවා. පිරිත්ක් ගයන්නේ සොර 3,4 යෙනි .දරු නැළවිලි ගීයේ ස්වර පරාසයක් ඒ හා සමානයි .

නුවණ අවදි කිරීම සිදුහත් යශෝධරා ප්‍රේම කතාව අපේ  හාමුදුරුවෝ බොහොම උද්යෝගයෙන් දක්වනවා නූතන සමාජයේ ස්වාමිවරුන්ට හා  බිරින්දෑවරුන්ට ගලපමින්?
 සෑම විශේෂිතම දක්ෂ රාජ පරම්පරා දෙකකින් උරුම වෙලා ආපු අඹු සැමියෝ දෙදෙනෙක්ගේ බැඳීම තිබිලත් ඒ සියල්ලම අතහැර දමා  යන්න ස්වාමියා දෙස බලා ඔබට යහපතක්ම වේවා කියලා සාධුකාර පහත් වෙන ගැහැනියක් මේ ලෝකෙ කවදා හොයන්නද ආයෙත්.

 හාමුදුරුවෝ ගුරු සේවයට යන්නේ මහණ වුනාවෙන් පසුවද මොනාද ඉගැන්නුවේ?
ස්ද්ධර්මය ,කෘෂි විද්‍යාව, නාට්‍ය හා රංග කලාව ,චිත්‍ර යන විෂයන්  ඉගැන්නුවා.

 අනෙක් හැම විෂයක් හරි නාට්‍ය කලාව ඉගෙන ගත්තේ කොහෙන්ද?
 එදිනෙදා  ජීවිතයෙන් ඉගෙන ගත්ත හැර විෂය පාඨමාලා හදාරලා නෑ. ළමයි විභාගයට යන්න අසරණභාවයට පත් වුණාට පස්සේ ගුරුවරයෙක් නැතුව තමයි ඒ අතරතුර මම විෂය හදාරමින් ළමයින් ට ඉගැන්නුවා මම ඒ හින්දා ග්‍රීසියේ, ඉතාලියේ, ප්‍රංශ යන මේ රටවලටත් ගියා.

ඔය විදේශ සංචාර සඳහා ඔබ වහන්සේට රජයෙන් හා පාසලෙන් ආධාර ලැබුණද?
 නෑ  විදේශ රටවල වල එහෙම දෙනවාද වර්තමානයේ ශ්‍රී ලංකාවේ එහෙම එකක් නෑ හදාරනවා නම් හදරපන් උගන්වනවා නම් උගන්නපන්  පාසලට ඇවිල්ල බලන්නේ පොත ලියලද , දින සටහන් කරලද,  කියලා. වාර සටහන් ,ව්‍යාපෘති කරලද කියලා එයා කරලා තිබ්බ නම් හොඳම ගුරවරයා වෙන්න පුළුවන්.

 ඒ අතරේෙහි මේ දින කිහිපය තුළ ඔබවහන්සේ විහාරස්ථානයේ මොනවද විශේෂයෙන් සිදුවන කාරණා?
 මම කිව්වනේ මට ඉලක්කයක් තියෙනවා කියලා අවුරුදු පනස් දෙකක් වෙනකොට සංවර්ධන කටයුතු ඉවර කරන්න ඕනි කියලා ,තව මෙතන චෛත්‍යය හදන්න බුද්ධ ප්‍රතිමාවක් හදන්න මගෙ ඉලක්කය.