සුගියදා බදුල්ලේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම කතාවක් පවත්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුවට පිරිස යවද්දී පොදුජන පෙරමුණේ සිටින බූරුවන් හා අශ්වයින් අතරින් අශ්වයින් තෝරා යවන ලෙසය.
මෙම ප්‍රකාශය පළ කළ පසු
ෆේස් බුක් ඔස්සේ ඒ ගැන උදම් අනමින් ඇය බැසිල් රාජපක්ෂ වෙත
එහි සටහනක් යොමු කර තිබෙන අතර එයට බැසිල් රාජපක්ෂ දක්වා ඇත්තේ අප්‍රසාදයකි. ඔහු ගාල්ලේ පැවති රැස්වීමකදී එම අප්‍රසාදය හෙළි කරමින් කියා සිටියේ මට එයා කමෙන්ට් එකකින් ඒ ගැන දන්වල තිබ්බා. මං ඇහුවා කවුද ඔයාට නාම යෝජනා දුන්න බූරුවා කියලා යනුවෙනි.