update 10.30 am
අද උදෑසන අයිඩීඑච් රෝහලෙන් පළාගිය එල්සියාම් නසීම් (41) නමැති රෝගියා කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියදී යුද හමුදාව මගින් හසුකරගත් බව උදෑසන 10.30 ට වාර්තා විය.
යුද හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන ඇති අතර ඔහුව යලි IDH රෝහලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇත.
8.20am
කොරෝනා රෝගයට ආසාදනය වී මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ  පුද්ගලයෙකු රෝහලින් පැනයාම නිසා ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබේ. අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකුද වන ඔහු
රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (24දා) අලුයම මොහු රෝහලෙන් පැනගොස් ඇති අතර පොලිසිය මහජනතාවට  ඔහු හඳුනාගැනීම පිණිස ඡායාරූප හා ඔහුගේ ශරීර ලක්ෂණ ප්‍රසිද්ධ කර තිබේ. ඔහු වම් කකුලේ ආබාධයක් ඇති පුද්ගලයෙකු බවද ඇවිදින විට කොරගසන මෙම නැතැත්තා අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

මෙලෙස සොයන පුද්ගලයා ත්‍රිකුණාමලයේදී පදිංචිව සිටි අවුරුදු 41ක් වන එල්සියාම් නසීම් නැමැති පුද්ගලෙයකු බව කියැවේ.
සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම්119 ට හෝ 071-8591017, 071-8591864, 071-8592290 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.