ප්‍රදේශවාසීන්ගෙන් අඟුලාන පොලිසියට ගල්මුල් – පොලීසියෙන් කඳුළු ගෑස්

Ad Code

ප්‍රදේශවාසීන්ගෙන් අඟුලාන පොලිසියට ගල්මුල් – පොලීසියෙන් කඳුළු ගෑස්

ඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ. පොලිස් ස්ථානය අසළට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක්
එල්ල කර ඇති බවත් පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් වාර්තා වේ.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.
පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද (16) ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.
සිද්ධිය පැහැදිලි කරමින් පොලිසිය මෙසේ දන්වා ඇත.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu