හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් සිසුන් දෙන්නෙකු ඇතුළු කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තාවී තිබේ.කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇති පරිදි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස
කටයුතු කරමන් සිටි කොරෝනා වැළඳුණ පුද්ගලයෙකුගේ
ආශ‍්‍රිතයන් ලෙස කලින් හඳුනාගෙන නිරෝධායනයට ලක් කර සිටි තිදෙනෙකු පසුව කළ පීසීආර් පරීක්ෂණ අනුව මෙලෙස කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගත් බවයි.

මෙම තිදෙනාගෙන් දෙදෙනෙකුම දරුවන් වන බවත් ඉන් එක් දරුවෙකු පාසලේ පළමු වසරේ ඉගෙන ගන්නා අයෙකු බවත් වාර්තාවී තිබේ.
 එම දරුවා පසුගිය කාලයේ පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ උපකාරක පන්තියකට සහභාගීවී ඇති බවත් හෙළිව ඇත.
කුඩා දරුවන් සහභාගීවන පන්තියක් නිසා එය පවත්වා ඇත්තේ දෙමාපියන් දරුවන් එක්රැස්වූ තැනකය.

මේ නිසා ඔහු සහභාගී වූ උපකාරක පන්තියකට ආ පිරිසට පීසීආර් පරීක්‍ෂාව කර ඇත. සියලුම සිසු සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනකු නිවෙස් තුළ නිරෝධානයට ලක් කර කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.