ම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකරන අතරවාරයේ භෞතික විද්‍යා උපකාරක පන්තිද පවත්වන ගුරුවරයෙකුට  කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා සිදු කළ විමර්ශනය අනුව ඔහු පසුගිය දිනවලදීත් උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පැවැත්වූ බවට හෙළිවීම නිසා
සංකීර්ණ තත්වයක් මතුව තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ සඳහන් කරන්නේ‍ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකළ බවයි.


ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු වී තිබේ. මොහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ  මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකු ගෙන් බවට සැක පළව ඇත.

මෙම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකරන්නෙකි. පසුගිය දිනවල ඔහු පාසලටද ගොස් ඇත. උසස් පෙළ විභාගය කිට්ටු නිසා ඔහු සිසුන් 100 ක් පමණ එක්වන උපකාරක පංතිද පවත්වා ඇත.
ගුරුවරයාගේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන්ද , උපකාරක පංති පැවැත්වූ ළමුන් හා එම නිවෙස් වල ආශ්‍රිතයින් සොයා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්නට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට මහත් පරිහ්‍රමයක් දරන්නට සිදුව ඇත.

මෙම ගුරුවරයාගේ පාසැලේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන් 52ක් පමණ හා උපකාරක පංති ආශ්‍රිතයින් 100 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකළ නමුත් එම ප්‍රතිපල අනුව කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අද ප්‍රකාශ කර සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශ රීතිය අනුව කොරෝනා රෝගියෙකුවූ මෙම ගුරුවරයාගේ නම හෙළි කිරීමෙන් ඔහු වැළකී සිටියේය.