නව කාරෝනා හෙවත් COVID- 19 වෛරස තත්ත්වය වඩාත් දරුණු ලෙස බලපෑම් එල්ල කරන රෝගීන්ගේ ලැයිස්තුව අලුත් කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ ජාතික මධ්‍යස්ථානය
පසුගියදා කටයුතු යොදා තිබේ. ඒ අනුව එච්.අයි.වී. රෝගය, පිළිකා රෝග තත්වයන්, ශ්වසන ආබාධ මෙන්ම අධික රුධිර පීඩනයක් සහිත රෝගීන් වෙත නව කොරෝනාවේ දරුණු අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව ඩිමෙන්ෂියාව, රක්තහීනතාව, මෙන්ම සම්පුර්ණ ඉන්ද්‍රිය බද්ධයන් සිදුකළ පුද්ගලයන්ට
වෛරසයේ අවදානම් ලැයිස්තුවේ සිටින බව එහි වැඩිදුරටත් සටහන්ව ඇත. විශේෂයෙන්ම මේ වනවිට ඉතාමත් ශීඝ්‍ර වේගයකින් නව කොරෝනා වෛරස යළිත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවතීමත්, දෛනිකව හඳුනාගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් යන කාරණා නිසා මෙවැනි රෝගීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එහිදී ලොව රාජ්‍යයන් සහ බලධාරීන් තම රටවල සිටින නව කෙරෝනාව සඳහා මෙවැනි අවදානමක් සහිත ජනගහනය ඉන් ගලවා ගැනීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ඔවුන් අවධාරණය කරයි. එහිදී වයස අවුරුදු 60ට වැඩි විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්ට හැකි පමණින් ආහාර සහ ඖෂධ ගබඩා කර ඔවුන් නිවස තුළම රඳවා තබාගැනීම සුදුසු බවට එහි නිර්දේශ කර ඇත. කෙස් වෙතත් වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට වුවද විවිධ රෝගාබාධ මත පැවතීම මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වී එය දරුණු අතට හැරීමේ අවදානමක් පවතින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.