යේ සවස පාමංකඩදී සිදුවූ වැගන්ආර්-සුබාරු අනතුර නිසා කාන්තාවක මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලැබූ බවත් මියගිය කාන්තාව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ආදරණීය දියණිය බවත් මින් ඉහත වාර්තා විය.
මෙලෙස මියගියේ 41 හැවිරිදි වීණාවී සුලක්ඛනා මාපිටිගමයි. ඇය කුඩා කාලයේ 'ඉරට අඬන මල්' නමැති සිය පියාගේ ටෙලි නාට්‍යයක කාගේත් මතකයේ රැඳෙන
චරිතයක් රඟපෑවාය.  ලකී ඩයස් හා සනෝජා බිබිලේ යුවළගේ දරුවන් ලෙස වීණාවීත් ඇගේ සොයුරු ආත්‍රීත් රඟපෑ අතර නිළියකගේ දරුවන් එම පවුල තුළ සිදුවන හැලහැප්පීම් වෙනස්කම් හමුවේ පීඩාවට පත්වන අයුරු සංවේදී ලෙස රංගනයෙන් ඉදිරිපත් කළාය.


කොළඹ සුජාතා ජාත්‍යන්තර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වීණාවී පසුව ගුවන් සේවා නිලධාරිනියක ලෙස රැකියාවට යොමුවූ අතර ඇය සේවය කරමින් සිටියේ කුවේට් එයාර්වේස් ගුවන් සමාගමේය.

පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය අනතුර සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා සමග ගමන් කරමින් සිටියාය. සැමියා පැදවූ වාහනය අතුරු පාරකට හරවද්දී අනෙක් තීරුවෙන් පැමිණි සුබාරු රථයේ හැපී ඇය ජීවිතක්ෂයට පත්වූ අතර සැමියා බරපතල තුවාල ලබා තවම රෝහලේ පසුවේ.

මියගිය වීණාවී සුලක්ඛනා මාපිටිගම මහත්මිය කුඩා කළ රංගනයෙන් දායකවූ කාගේත් මතකයේ රැඳෙන චන්ද්‍රරත්න මාපිටිගමගේගේ නිර්මාණයක්වූ 'ඉරට අඩන මල්' ජවනිකා කිහිපයක් පහතින්