මැතිවරණ ප්‍රචාරණයක් වක්‍රාකාරයෙන් සිදුවන ආකාරයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ සමතුන් ඇගයීමේ උත්සවයක් සංවිධානය කර තිබී කිසිවෙකු එය මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීම නිසා
අද (15) උදෑසන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

එම ස්ථානයට පැමිණිය පසු මැතිවරණ නිලධාරීන්ගේ නියෝගයට අවනතවී එය අත්හිටුවීමේ සිදුවීමක් වාර්තා විය.
 මෙම උත්සවය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව, එම ස්ථානයට පැමිණි මැතිවරණ නිලධාරීන් පෙන්වා දුන් අතර මෛත්‍රිපාල සිරිසේන මහතා එයට එකඟවිය.

තමා හිටපු ජනපතිවරයෙකු හැටියට හැමවිටම නීතියට එකඟ දේ පමණක් කරන බවට කථාවක් පවත්වා උත්සවය නොපැවැත්වෙන බවත් ඇතිවූ අපහසුතාවය ගැන කණගාටුවන බවත් දන්වා සිටි අතර අද තිළිණ හා සහතික නොදෙන බවත්, ඡන්දයෙන් පසු ඒවා ලබාදෙන බවත් කීය.
හිටපු ජනපතිවරයා උත්සවය අවලංගු කර එතැනින් පිටව ගියේය.