කරීනා කපූර් ඛාන් විසින් ඉනායා නෞමි කෙම්මු අඳින ලද සිත් ඇදගන්නා සුළු චිත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි. කරීනාගේ පවුලේ ළඟම ඥාති වන කුඩා ඉනායා ගසක් ඇද තිබෙන අතර එහි සිය පවුලේ පිරිසගේ ඡායාරූප අලවා තිබේ.



ඉනායා කෙම්මු, කුනාල් කෙම්මුගේ සහ සොහා අලි ඛාන්ගේ දියණිය වේ. කරීනා කපූර් ඛාන් සමාජ මාධ්‍යවල තරමක් ක්‍රියාකාරී සාමාජිකාවක් වන අතර ඇගේ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව සිය රසිකයන් යාවත්කාලීන කිරීමට ඇය බොහෝ සෙයින් ප්‍රිය කරයි. එබැවින් ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඉනායාගේ මෙම සිත් ඇදගන්නා සුළු චිත්‍රය සිය රසිකයන් සමඟ බෙදා හදා ගෙන තිබුණි.

මෙම පින්තූරයේ  මල් සහිත සුදු ඇඳුමකින් සැරසී සිටින කුඩා ඉනායා පෙනුමෙන් ඉතා හුරුබුහුටිය. කරීනා කපූර් ද  "My beautiful niece ❤️❤️❤️#FamilyForever" යන ශීර්ෂ පාඨය සඳහන් කරමින් කුඩා ඉනායාගේ චිත්‍රය මෙසේ බෙදාහදාගෙන තිබූණි.

අගුලු දැමීමේ කාල සීමාව අතරතුරද කරීනා කුඩා තායිමූර් අලි ඛාන් සහ සැමියා වන සයිෆ් අලි ඛාන් සමඟ කාලය ගත කරන අයුරු සම්බන්ධයෙන්ද විවිධ විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදා ගෙන තිබුණි. එමෙන්ම ඇය නිවසේදීම සෑදූ මුහුණු ආවරණ පිළිබඳවද ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ සිය රසිකයින් දැනුවත් කර තිබුණි.

කෙසේවෙතත් බොලිවුඩ් තිරයේ ඇයව  අවසන් වරට දකින්නේ ඉර්ෆාන් ඛාන් සහ රාධිකා මදන් සමඟ ‘Angrezi Medium' චිත්‍රපටයේ ය.  ඇය මීළඟට කරන් ජොහාර්ගේ  'Takht'  චිත්‍රපටයේ රඟපානු ඇත.

රිෂ්මි ඉෂාරා