රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් (මේවනවිට සැරයන්) සිතුම් අලහප්පෙරුම මහතා පසුගියදා මියගිය ඩිෆෙන්ඩර් රථ අනතුර සිදු කළ බවට සැකකාර තරින්ද රත්වත්තේ නීති සිසු රග්බි ක්‍රීඩකයා ඇප මත මුදා හැරීමට අද (ජූනි 19) අධිකරණය නියෝග කළේය.ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ දින 5 කි.
ජාතික රෝහලේ මිලියන 8 මුදල් මංකොල්ලයේ සැකකරු
අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ මේ පොලිස් කොස්තාපල්වරයා ජූනි 11 වෙනිදා තුම්මුල්ලේ දී සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
අනතුර සිදු කළ අවස්ථාවේ තරින්ද බීමත්ව සිටි බවට පොලිසිය සාක්ෂි ලබාගෙන තිබුණි.

 ඔහු බීමත්ව සිටි නිසා පාලනය ගිලිහී අනතුර සිදුව ඇති ආකාරය ගැන පොලිසිය කරුණු ඉදිරිපත් කළ අතර ඔහුගේ නීතිඥයින් කියා සිටියේ මෙය හිතාමතා කළ අනතුරක් නොවන බවත් එම පවුලට උදව් කිරීමට කැමති බවත්ය.
ඇමති ඥාතියෙක් සිදු කළ අනතුරක් බවට තොරතුරු පළවීම නිසාදෝ මෙම අනතුර සිදු කළ අය ගැන මාධ්‍ය වලින් කරුණු හෙළිවූයේ අඩුවෙනි.
තරින්ද රත්වත්තේ දේශපාලන වශයෙන් පෙනී සිටි චරිතයක් නොවූ අතර විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකි. ඔහු ඇමති ඥාතියෙකු වන්නේ කෙසේද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබූ අතර ඒ මෙසේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ පියා අනුරුද්ධයි. සීයා හැරිස් ලෙව්කේ රත්වත්තේය.
රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේගේ පියා අශාන්ය.සීයා ඩෙනිස්ය. මුත්තා (සීයාගේ පියා) හැරිස් ලෙව්කේ රත්වත්තේය.