එක්සත් ජනපදයේ ඇට්ලන්ටා ප්‍රාන්තයේ පිහිටි ක්ෂණික ආහාර අවන්හලක රථගාලේදී කළු ජාතිකයෙකු වු රොෂාඩ් බෲක්ස්  නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට චෝදනා ලැබූ පොලිස් නිලධාරි ගැරට් රොෆ් වෙත සාහසික ඝාතනයක් සිදු කිරීම් ඇතුළු චෝදනා 11ක් යටතේ දඩුවම් පැමිණවී ඇතැයි වාර්තා වෙයි.


ඇට්ලන්ටා ප්‍රාන්තයේ ෆුල්ටන්  දිස්ත්‍රික් නීතිපතිවරයා වන පෝල් හොවාර්ඩ් මේ කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව ගැරට් වෙත කිසිදු සමාවකින් තොරව ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් හෝ මරණ දඬුවම හෝ හිමිවීමට නියමීතවන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම අවස්ථාව සඳහා මිය ගිය බෘස්ගේ බිරිදද සහභාගි වී ඇත. රෙෂාඩ්  දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

 මෙහිදී පොලිස් නිලධාරියා වෙත චෝදනා ගොනු කිරීම සඳහා අදාළ රථගාලේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන මෙන්ම ඒ අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථන වීඩියෝ දර්ශනද උපයෝගී කරගෙන ඇත. ඒ අනුව මෙම  සිදුවීමේදී ගැරට්රොෆ් නම් පොලිස් නිලධාරියා බෲක්ස් වෙත පහර දෙන   ආකාරයත් සටහන්ව ඇත. ඒ අනුව නිතීය  උල්ලංඝනය කිරීම් චෝදනා යටතේ ඔහුට දඬුවම් පැමිණ වී තිබේ.
මෙහිදී ගැරට් සමගින් සිටි අනෙක් පොලිස් නිලධාරියා වන ඩෙවින් බ්‍රොස්නන් නමැත්තා මේ වනවිට රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්ව තිබෙන අතර, ඔහු ගැරට් ට එරෙහිව සිය සාක්ෂි ලබාදීමටත් එකඟතාව පළ කර තිබේ. කෙසේ වෙතත් මෙහිදී බ්‍රෝස්නන්  වෙතද චෝදනා කිහිපයක් එල්ල වී ඇත. ඒ අනුව ඔහුටද වසර 20ක සිරදඩුවමක් පැමිණවීමට ඉඩ ඇතැයි පැවසෙයි. ඒක් අවස්ථාවකදී පොලිස් නිලධාරින් දෙදෙනාම
බෑග් උරහිස් මත නැග සිටි බවත්, එය එරට තුළ අනුමැතිය ලැබී ඇති සැකකරුවන් පාලනය කරගන්නා ක්‍රමවේදවලට පටහැණි බව නීතිපතිවරයා සඳහන් කරයි.
මේ අතර පසුගිය මැයි මාසයේදී මිනෙසොටා ප්‍රාන්තයේදී සිදුවූ කළු ජාතික ජෝර්ජ්ෆ්ලායිගේ ඝාතනය සහ ඇට්ලන්ටා ප්‍රාන්තයේදී සිදු වුණු රිෂාඩ් බෘක්ස්ගේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුළ  ක්‍රියාත්මක වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණද තවමත් එරට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.