වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී අද (12) පෙරවරුවේ සොයා ගෙන ඇතැයි පොලිසිය වාර්තා කර තිබේ.මෙම මළ සිරුරට යටවී  තිබු  මිලි මීටර් 9 පිස්තෝලයක්ද
හමු වී ඇතැයි පොලීසිය පවසයි.මියගොස් ඇත්තේ

බම්බලපිටිය උද්‍යාන පාරේ පදිංචි (63) හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය මේ වනවිට සිදු කරන විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.
මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද,  නැතහොත් මෙම  ස්ථානයේ දී මොහු    වෙඩි තබා ගත්ත ද,  යන්න හෙළිකර ගැනීමට කුරුදුවත්ත  පොලිසිය පරීක්ෂණ පවත්වයි.