කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දමන ලද දහම් පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර කිහිපයකින් ජූලි මස 12 වැනිදා සිට විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
පවසයි.

ඒ පහත සඳහන් පරිදියි.

    දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි – ජූලි මස 12 වනදා

    තුන්වැනි ශ්‍රේණියේ සිට දහ වැනි ශ්‍රේණිය දක්වා – ජූලි මස 26 වැනිදා

    පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා වූ පන්ති අගෝස්තු මස පළමු ඉරුදින

ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේය.