රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මංජු තේනුවර අද (8) දිනයේ පැවිදි දිවියට පිවිසියේය. අද මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනයේදී
ඔහු පැවිදි දිවියට එළඹියේ මාතර විජය සීහ නමිනි.
මුලින් ස්වර්ණවාහිනී නාලිකාවේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කර පසුව සිරස මාධ්‍යජාලයට එක්වූ මංජු වැඩි දෙනෙකු හඳුනන කෙනෙකු බවට පත්වූයේ ලන්ච් ටයිම් ටීවී වැඩසටහන ඉදිරිපත් කරන්නෙකු ලෙස පෙනී සිටීමෙනි. ක්‍රීඩා වැඩසටහන් සඳහාද ඔහු දායක විය.


මංජු තේනුවර ස්වභාවයෙන්ම අන් අයගේ දුක ගැන විමසන දුකට උපකාර කරන මිනිසුන්ගේ ගැටලු වෙනුවෙන් ජීවිතය වෙන් කරන චරිතයක් බව කියැවේ. මංජු ඉදිරිපත් කළ වැඩසටහන් වල පවා ඒ ගුණය තිබුණි. දකුණු පළාතේ විවිධ ස්ථානවල ඔහු පාසල් ළමුන්ට උපකාර කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.

තම වේතනය පවා අන් අයගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට ඔහු කටයුතු කර ඇතැයි කියැවේ.
ඔහු සසුන් ගතවන්නට හේතුවන්නේ මෙම සවේදීතාවයයි.
පැවිදි බිමට එළඹි පසුව උන්වහන්සේට සිය මෑණියන් නමස්කාර කළ අවස්ථාව සංවේදී එකක් විය.