රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබෙයි.

මෙම අනතුර බීමත්ව කළ බවට තහවුරු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි තරින්ද රත්වත්තේ නීති ශිෂ්‍ය රග්බි ක්‍රීඩකයා පොලිසිය විසින්  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (15) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කරනු ලැබු අතර අද දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය විසින් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කළ පසුව මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.