යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිටමින් සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට ඉන්දියාවට ගිය
පසු කොරෝනා  වයිරසය වැළඳීම හේතුවෙන්
යාපනයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු

නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය  පරික්ෂක කාර්යාලය පවසයි.

අදාල ඉන්දියානු සාරි වෙළෙන්ඳා නවාලි ප්‍රදේශයේ නිවසක කුලියට රැඳී සිටමින් පසුගිය කාලයේදී
වෙළඳාම කොට ඇති අතර යාපනයේ පිහිටි ඉන්දියානු උපකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් පසුගිය
මැයි මස අවසන් දිනයන්හි යාපනයේ තාවකාලිකව රැඳී සිටින ඉන්දියානුවන් නැවත ඉන්දියාවට රැගෙන
යාමට පියවර ගත් අතර එසේ රැගෙන ගිය ඉන්දියානුවන් අතර ගිය මෙම වෙළෙන්ඳාට ඉන්දියාවට ගිය පසු
සිදු කරන ලද පරික්ෂණයන්හීදි කොරෝනා  වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

කෙසේ වෙතත් අදාල වෙළෙන්ඳා රැඳී සිටි නිවස හා අවට නිවෙස් වල සිටි පවුල් 3කට අයත් පුද්ගලයින්
15 දෙනෙකු නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකටද යොමු කිරීමට
පියවර ගෙන ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

මධුශංක අමරසිංහ