සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.



ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.