ළඹෙන මහ මැතිවරණයේදී ජන්දය භාවිතා කිරිමට ජන්ද දායකයින්ට නිල් හෝ කලු පැහැති බෝල් පොයින්ට් වර්ගයේ පෑනක් රැගෙන ඒම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු
සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට අනුව ජන්දය ලකුණු කිරිමේදී ජන්ද පත්‍රිකාව පරික්ෂා කිරිම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරිම ආදි කටයුතු වලදී ජන්ද දායකයා සහ ජන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට නොදීම සිදුකිරිමට බලාපොරොත්තු වන බවද මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
ජන්ද පත්‍රිකා ගණන් කිරිම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රමවේද 02ක් ගැන අවධානය යොමුව ඇත.
සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවල සහය ලබා ගනිමින් සෞඛ්‍ය අංශ සමඟ එක්ව සෞඛ්‍යාරක්ෂිතව ජන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජන්ද දායකයින් දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාදන්වා සිටියේය.
මෙවර අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන අයුරු නිලධාරීන්ට පුහුණු කිරීමේ අදහසින් ආදර්ශ ඡන්ද විමසීමක් අද සිදුවිය.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත්  විලේගොඩ ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයේ ධම්මයුක්තිකාරාමයේ  අද (07) පැවැති ආදර්ශ ඡන්ද විමසීම අවස්ථාවේ ඡායාරූපයක් මේ සමග දැක්වේ.